-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරි පැරකුම් චිත‍්‍රටයේ පරාක‍්‍රමබාහු කුමාරයාගේ චරිතයට පණ ‍පොවමින් රංගනයට එක්වූ ජැක්සන් ඇන්තනිගේ පුත් අඛිල ධනුද්දර සිය පෙම්වතිය ලෙසින් පසුගිය කාලයේ මාධ්‍යය වෙත හඳුන්වා දී තිබුනේ ජනප්‍රිය නිරූපණ ශිල්පිණියක වන අමන්දා නිලුක්ෂිය.
අඛිල හා අමන්දා ගේ ප්‍රේම සම්බන්දතාවය වසර තුනක් කාලයක් පැවතියද පසුගියදා අමන්දා මාධ්‍යය වෙත පවසා තිබුනේ එම සම්බන්ධතාවය අවසන්වූ බවත් අඛිල තමාව පෙම්වතිය කරගෙන තිබුනේ ලොවට පෙන්වීමට පමණක් බවයි.
අමන්දා සරසවිය පුවත්පත සමග ඒ සම්බන්ධව සිදුකල සාකච්චාව පහතින් බලන්න.
අමන්දා, ඇස්දෙක වගේ හිටිය දෙන්නට මේ මොකද වුණේ?
අපි වෙන්වුණා අයියේ.
ඒ මොකද?
එයා හරි වංකයි. චපලයි. හරිම බොරු කාරයෙක්.
හේතුව?
එහෙම තමයි. එයාට මට වැඩිය ආදරේ කරපු කෙනෙක් ඉඳලා තියෙනවා.
කොහෙද?
ජා ඇල පැත්තේ. ඒ සම්බන්ධයට අවුරුදු හතක්ලු.
ඔබ හා ඔහුගේ ආදර කතාවට කොච්චර කල්ද?
වසර තුනයි.
මේ වසර තුන ඇතුළත ඔබට ඔහුගෙ වෙනසක් දැණුනෙ නැතිද?
අන්න ඒකයි ඔහුගේ දක්ෂකම. මාව මාර විදහට රැවැට්ටුවා. මාව විතරක් නොවෙයි අර ගැහැනු ළමයවත් රැවැට්ටුවා.
ඔබ සහ ඔබේ පෙම්වතා ගැන නිතරම මාධ්‍යවල පළ වුණානෙ?. අර ගැහැනු ළමයා ඒවා දැකලා නැද්ද?.
තියෙනවා. ඔහුගෙන් මං ගැන අහලත් තියෙනවා.
එතකොට ඔහු මොකද කියලා තියෙන්නේ?
ඒවා පරණ කතන්දර කියලා මඟහැරලා.
ඒත් මේ ඊයේ පෙරේදා පුවත් පත්වලත් ඔබ දෙපොළ ගැන පින්තුර පවා පළ වුණානෙ?
දිගින් දිගටම අපි ගැන පළ වෙද්දි අර ගැහැනු ළමයාගෙ අයියා මගෙ යාළුවෙකුගේ, යාළුවෙකුගෙන් මං ගැන හොයලා බලලා. අපි දෙන්නගෙ සම්බන්ධය ගැන ඇත්ත ඔවුන්ට හෙළිවෙලා. ඒ ගැහැනු ළමයා මට කතා කරලා හොඳටම ඇඬුවා.
ඉතින්?
මම ඇයව හොයාගෙන ගියා. ඇයගෙ දුරකථනයෙන් මගෙ පෙම්වතාට කෝල් එකක් අරගෙන ෆොන් එකේ ස්පීකර් ඔන් කළා. ඔහු කියපු දේවල් මොනවද කියලා දන්නවද?
නැහැ?
එයා අර ගෑනු ළමයට හරිම ආදරෙන් කතා කළා. සුදු, පැටියෝ, වගේ වචනදලා ‘ඔයා නැතුව මට බෑ’ කියලත් කිව්වා. ඇය ෆොන් එක කට් කළාට පස්සෙ මමත් ඔහුට කෝල් එකක් අරන් ස්පීකර් ඔන් කළා. ඒ ටිකමයි මටත් ඔහු පැවසුවේ. මට දරාගන්න බැරිව ගියා. මං එවේලේම ඔහුට බැන්නා. හිතේ කේන්තිය යනකම් දොස් කිව්වා.
ඔබ දෙපොළගෙ සම්බන්ධය බිඳ දමන්න කවුරු හරි ප්ලෑන් කරලා කරපු වැඩක් වෙන්න බැරිද මේක?
කොහෙත්ම වෙන්න බැහැ. මං ඔහු ගැන තව තවත් හොයලා බැලුවා. ඔහුට මෙවැනි සබඳකම කිහිපයක්ම තිබිලා තියෙනවා.
ඒවත් ඔප්පු වුණාද?
ඔව්, ගිය මාසෙ මෙයාගෙ උපන් දිනය තිබුණේ. මං සර්ප්‍රයිස් කරන්න හිතාගෙන රෑ දොළහට පවුලෙ අයත් එක්ක ඔහුගේ ගෙදර ගියා. ඔහු හිටියේ නැහැ. පාන්දර එකට විතර ඔහු ආවා. කොහෙද ගියෙ ඇහුවාම කිව්වෙ ජිම් ගියා කියලා. මේ මහ රෑ මොන ජිම් ද අයියේ. ඔහු එදා වෙන ගෑනු ළමයෙක් එක්ක උපන් දිනය සමරලයි ගෙදර ඇවිත් තියෙන්නේ. මට පින්තූරත් එක්ක විස්තරේ ලැබුණා, ඔහු වෙන කෙනෙක් එක්ක කේක් කපපු හැටි.
ඔබගෙන් ඔහුට යම් අඩුපාඩුවක් සිදු වී ඇත්ද?
මොන අඩුපාඩු ද අයියේ. මගෙන් නොලැබෙන 15% ඇයගෙන් ලැබෙනවලු. 85% ක ආදරයක් විඳින්නලු මාව තියාගෙන ඉඳලා තියන්නේ.
එතකොට කසාද බඳින්න නෙවෙයිද ඔහු ඔබට ළංවෙලා තියෙන්නේ?
නැහැ, ඔහු මාව ෂෝ එකට තියාගෙන තියෙන්නේ. ලෝකෙට පේන්න මාව බොරුවට එහෙ මෙහෙ ගෙනියන්න.
මෙමඟින් ඔබට ලොකු අවමානයක් සිද්ධ වුණේ?
කිසි කෙනෙක් මගෙ දිහා බැලුවේ නැහැ වැරදි ඇහැකින්. හැමෝම කිව්වෙ ඔයා බේරුණා කියලා.
ඒ කියන්නේ ඔහුගේ කල් ක්‍රියාව බොහෝ දෙනෙක් දැනන් ඉඳලා තියෙනවා. ඇයි ඒ බවක් රට්ටු ඔබට කිව්වෙ නැත්තේ.
මිනිස්සු ප්‍රකාශ කළ දේවල්වලින් ටිකක් මගේ හිත හැදුණා.
ඇත්තටම ඔබේ හිත ගොඩක් බිඳෙන්න ඇති?
ඔව්, මං සතියක්ම ඇඬුවා. ජීවිතේ එපා වුණා. යාළු මිත්‍රයො, මගෙ පවලෙ අය මාව සැනසුවා.
වර්තමානයේ ඔබේ තත්ත්වය කොහොමද?
එක අතකින් සතුටුයි මාව බේරිච්ච එකට. ඒ ගැන මතක්කරලා මං දෙවියන්ට තුති පුදනවා. බැරිවෙලාවත් කසාද බැන්දනම් මං ඉවරයි. පුදුම කපටියෙක් එයා.
ආයෙත් ආදරයක් ගැන හිතන්නේ නැති පාටයි?
බුදු අම්මෝ, ආදරයට දැන් මං බයවෙලා. මේ ලද කම්පනයෙන් මං කම්පාවට පත්වුණා. සුපුරුදු වැඩකටයුතු පටන් ගන්න බොහෝ කාලයක් ගතවුණා. ආයේ ජීවිතේ වරද්ද ගන්නෙ නැහැ මං. ඔහුට වෛර කරන්නෙත් නැහැ. ඔහු පිළිබඳ කිසිම ද්වේෂයකින් නෙවෙයි අදටත් මං ඉන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos