බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට එරෙහිව පවතින පැමිණිලි සම්බන්ධයෙන් වන විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසයට (CCD ) භාරදී තිබේ.
හිමිනමට එරෙහිව මුස්ලිම් අයකු ඊයේ ඉදිරිපත් කළ පැමිණිල්ල හා පසුගියදා නිපෝන් හෝටලේය තිබූ වටරැක විජිත හිමියන් ඇතුලූ මුස්ලිම් පිරිසක් එක්ව පැවැත්වීමට ගිය සාකච්ඡව කඩාකප්පල් වන අයුරින් හැසිරීම සම්බන්ධ සිද්ධීන් පිළිබඳ විමර්ශනය කෙරෙනු ඇත.
පොලිස් මාධය ප‍්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී මේ බව පැවැසී ය.