-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නයිජීරියාවේ බෝර්නෝ රාජ්‍යයේ නාඳුනන තුවක්කුරුවන් පිරිසක් එරට ද්විතියික පාසලකට කඩාවැදී  සිසුවියන් 100 දෙනකු පැහැරගෙන ගොස් තිබේ.
එරට වාර්තාවලට අනුව එහි ගුරුවරුන් පවසා ඇත්තේ එවුන් ‘බොකෝ හරාම්’ නමැති ඉස්ලාමීය ත‍්‍රස්ත කණ්ඩායමට අයත් පිරිසක් බවයි.
පාසලෙහි නේවාසිකව සිසුවියන් 200 දෙනකු සිට ඇති අතර ඔවුන්ගෙන් බොහොමයක් පැනගොස් දිවි ගලවාගෙන තිබේ.
එරට රජයට එරෙහිව කැරල්ලක් ඇති කරමින් සිටින මෙම ඉස්ලාමීය කණ්ඩායම මීට පෙර ද මෙලෙසම පාසල්වලට හා රජයේ රෝහල්වලට කඩාවැදී සියගණනක් වූ සිසුන්, රෝගීන් එතැනම ගෙල කපා සමූල ඝාතනය කර තිබිණ.
ආගම පෙරටු කරගනිමින් සමූල ඝාතන සිදුකරන මෙම කල්ලිය හැඳින්වෙන නමෙහි අර්ථය වන්නේ ‘බටහිර අධ්‍යාපනයට එරෙහිව’ යන්නයි. එ් අනුව බටහිරවාදයට එරෙහි කල්ලියක් ලෙස මෙම කණ්ඩායම් කි‍්‍රයාත්මක වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos