අතුරුදන් වූ MH370 ගුවන් යානයේ නියමුවෙකු වූ සහරී අහමඩ් ෂා පිළිබඳව තව ත් හෝඩුවාවක් ඔහුගේ නිවසින් සොයාගෙන තිබේ.
මැලේසියානු මාධ්‍ය වාර්තා කළේ, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක ගුවන් පථ පිළිබඳව දැක්වෙන මෘදුකාංගයක් ඔහුගේ නිවසින් සොයාගත් බව ය.
අමෙරිකානු හමුදා කඳවුරක ගුවන් පථයක්, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු රටවල් රැසක ගුවන් පථ පිළිබඳ සියලු තොරතුරු එහි ඇතුළත් වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.
එහි මාලදිවයින්හි මාලේ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ පිළිබඳව ද තොරතුරු ඇතුළත් ය.
අද වන විට මෙම යානය අතුරුදන් වී දින 10ක් ගතව ඇත ත් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.