අතුරුදන් මලයාසියානු ගුවන් යානය සෙවීමේ මෙහෙයුම්වල නිරත විදෙස් රටවල් කිහිපයකට ශ්‍රී ලංකා ගුවන් සීමාවට ඇතුළු වීමට අවසර ලබා දීමට රජය තීරණය කර ඇතැයි, විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ඒ, අනුව ගුවන් යානය පිළිබඳ ව විමර්ශන කටයුතු සිදු කරන අමෙරිකාව, මැලේසියාව, ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවලට මෙරට ගුවන් සීමාවට ඇතුළු වීමට අවසර හිමි වේ.
රජයේ නිල පුවත් වෙබ් අඩවියේ දැක්වෙන්නේ, මලයාසියානු රජයේ ඉල්ලීමකට අනුව අදාළ අවසරය ලබා දී ඇති බව ය.
ඉකුත් 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු රැගෙන ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් සිටියදී අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව මෙතෙක් කිසිඳු තොරතුරක් වාර්තා වී නොමැත.