-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


හංවැල්ල, තුන්නාන්න ප්‍රදේශයේ උද්ඝෝෂණය අතරතුර බොරැල්ල පොලිස් ස්ථානාධිපතිවරයා මිය යාම සම්බන්ධයෙන් යළි පරීක්ෂණයක් කළ යුතු බව පොලීසිය පවසයි.

සිද්ධියේ‍දී ජිවිතක්ෂයට පත් වූ ‍නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බදාදා පූර්ණ පොලිස් ගෞරව සහිත ව සිදු කිරීමට නියමිත ය.
පොලිස් අධිකාරී ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ දේහය අද පෙරවරුවේ කැලණිය ගෝනවල පිහිටි ඔහුගේ මව්පියන්ගේ නිවසට රැගෙන ආවේ ය.
මෙම පොලිස් නිලධාරියා මිය ගියේ, හංවැල්ල තුන්නාන ප්‍රදේශ කර්මාන්ත ශාලාවකින් නිකුත් වන අපද්‍රව්‍ය හේතුවෙන් ජල මුලාශ්‍ර දූෂණය වී ඇතැයි, පවසමින් තුන්නාන ප්‍රදේශයේ පිරිසක් පැවැත් වූ විරෝධතාවක් පාලනය කිරීමට ගිය අවස්ථාවේදී ය.
විරෝධතාකරුවන් අඩක් කපා තිබූ ගසක් කඩා වැටිමෙන් බරපතළ තුවාල ලැබූ මෙම නිලධාරියා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ව ජීවිතක්ෂයට පත් විය.
මේ වන විට අදාළ කර්මාන්තශාලාව හා ඒ අවට ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා විශේෂ කාර්ය බලකාය, පොලිස් කැරළි මර්දන ඒකක හා පොලීසිය යොදවා තිබේ.
මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉල්ලීම මත ‍රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරියාගේ සිරුර මතට ගස වැටුණු ස්ථානය අද පරීක්ෂාවට ලක් ක‍ළේ ය.
මෙමගින් පරිසර ගැටලුවක් සත්‍ය වශයෙන් පවතී නම් ඒ සඳහා නීතිමය ආකාරයට කටයුතු කිරීමේ හැකියාව ඇති බව ද අධිකාරිය සිහිපත් කර තිබේ.
එබැවින් යම් පිරිසකගේ අයුතු පෙළඹවීම්වලට හසු නොවන්නැයි, සාමකාමී ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද මධ්‍යම පරිසර අධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරට ත් සඳහන්ව ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week