අතුරුදන් මැලේසියානු ගුවන් යානය සම්බන්ධයෙන් තම සංවිධානය කිසිඳු තොරතුරක් නොදන්නා බව තලේබාන් සංවිධානය පවසයි.
ඇෆ්ගනිස්ථාන් තලේබාන් සංවිධානයේ ප්‍රකාශක සබිඋල්හා මුජාහිඩ් පවසා ඇත්තේ, මෙය සිදු වී ඇත්තේ ඇෆ්ගනිස්ථාන සීමාවට පිටතින් බව ත්, ලොව තාක්ෂණය අතින් ඉහළ රටවලට පවා අද වන තෙක් අතුරුදන් යානය පිළිබඳව කිසිඳු කරුණක් හෙළි කර ගැනීමට නොහැකි වීම ප්‍රෙහෙළිකාවක් ත් බව ය.
මෙවැනි යානයක් පැහැර ගැනීමට තම සංවිධානයට ද හැකි වූයේ නම් එය භාග්‍යක් ලෙස සලකන බව ද ඔහු වැඩි දුරට ත් පවසා තිබේ.
කෙසේ වෙතත් ගුවන් යානයේ අතුරුදන් වීම සහ තලේබාන් සංවිධානය සම්බන්ධයෙන් ද නිල නොවන මට්මේ අදහස් පළ වෙමින් තිබිණ.