-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පිටකොටුව මැනිං වෙළෙඳ පොළේ රුපියල් එක්‌ලක්‌ෂ හතළිස්‌ පන්දහස්‌ පන්සීයක මුදල් පසුම්බියක්‌ බිම වැටී තිබී අහුලා එය පොලිසිය හරහා නියම අයිතිකරුට භාරදුන් නාට්‌ටාමිවරයකුගේ අවංකභාවය ගැන මැනිං වෙළෙඳ පොළේ ස්‌ථාපිත පොලිස්‌ මුරපොළේ නිලධාරීහු ඊයේ (17 වැනිදා) උදේ ඔහුට ප්‍රශංසා කළහ.

කොළඹ නාගලගම්වීදියේ පදිංචි චන්දන පුෂ්පකුමාර නමැති මෙම නාට්‌ටාමිවරයා අසුලාගෙන ඇත්තේ කොළඹ 12, ඩයස්‌ පෙදෙසේ පදිංචි සම්පත් දයානන්ද නමැති එළවළු ව්‍යාපාරිකයකුගේ මුදල් පසුම්බිය වේ.

නාට්‌ටාමිවරයාගේ අවංකභාවය ගැන පැහැදුණු එළවළු ව්‍යාපාරිකයා ඔහුට රුපියල් 5000 ක්‌ පරිත්‍යාග කළ බවද පොලිසිය පැවැසීය.

මැනිං වෙළෙඳ පොළේ ස්‌ථාපිත පොලිස්‌ මුරපොළේ උපපොලිස්‌ පරීක්‌ෂක කීර්තිරත්න, පොලිස්‌ කොස්‌තාපල්වරුන් වන ඉන්දික (71731), වලිසුන්දර, (16161), ප්‍රසංග (74794) යන නිලධාරීන් ඉදිරියේ නාට්‌ටාමිවරයා එම මුදල් පසුම්බිය නියම හිමිකරුට භාරදෙනු ලැබීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week