-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කෝටිපති ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වී සිටින හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධනට අයත් බවට සැකකරන අවි ආයුධ ගබඩාවක්‌ වැලිවේරිය ප්‍රදේශයේ සත්ව ගොවිපළකින් මතුකරගත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ එම ආයුධ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අවි ගබඩාවේ තිබී ටී. 56 අවි 5 ක්‌, ආර්. පී. ජී. අවි 2 ක්‌, බෝම්බ, පිස්‌තෝල ඇතුළු තවත් ආයුධ රැසක්‌ සොයාගෙන තිබේ. 

හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන මහතාගේ පුද්ගලික සහකාරවරයකු ලෙස කටයුතු කළ පොලිස්‌ පරීක්‍ෂකවරයකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම අවි ගබඩාව පිළිබඳව තොරතුරු හෙළිවී ඇත.

මෙම අවි ආයුධ සොයා ගැනීම පිළිබඳව පොලිසිය මගින් අළුත්කඩේ අංක 05 අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.

ස්‌වයංක්‍රීය අවි ආයුධ තොගය කෙසේ ලැබුණේද යන්න පිළිබඳව පොලිසිය පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

මුස්‌ලිම් ජාතික ව්‍යාපාරිකයකු ලබා දුන් මුදල් කොන්ත්‍රාත්තුවක්‌ මත තවත් මුස්‌ලිම් ව්‍යාපාරිකයකු වූ මොහොමඩ් ෂියාම් නමැත්තා පැහැරගෙන ගොස්‌ ඝාතනය කළ බවට හිටපු නියෝජ්‍ය පොලිස්‌පති වාස්‌ ගුණවර්ධන, ඔහුගේ පුත්‍රයා ඇතුළු පොලිස්‌ කණ්‌ඩායමක්‌ වෙත චෝදනා එල්ලවී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week