-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පෙට‍්‍රල් ලීටරයකින් රජය රුපියල් 42.22ක බද්දක් අයකරන අතර ඛනිජතෙල් සංස්ථාව රුපියල් 12.80ක ලාභයක් ලබන බව පසුගියදා පාර්ලිමේන්තුවේදී හෙළිවිය.
ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අසන ලද ප‍්‍රශ්නයකට ඛනිජතෙල් කර්මාන්ත ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා සපයන ලද පිළිතුරකින් මේ බව හෙළිවිය.
පෙට‍්‍රල් මෙටි‍්‍රක් ටොන් එකක් වරායෙන් ගොඩ බෑමේදී රුපියල් 144,578.11 පමණ මිල වන බව ඇමැතිවරයා හෙළිකර ඇත.
මෙටි‍්‍රක්ටොන් එකක ලීටර් 1,378.43ක් අඩංගුවේ.
ඒ අනුව පෙට‍්‍රල් ලීටරයක් වරායෙන් ගොඩබෑමේදී මිල නියම වන්නේ රුපියල් 104.88ක් පමණය.
එයට වරාය හා ගුවන් තොටුපළ බද්ද (PAL) රුපියල් 5.22ක්, ආනයනික බදු රුපියල් 12.00ක් සහ නිෂ්පාදන බද්ධ රුපියල් 25.00ක් වශයෙන් රුපියල් 42.22 බදු මුදලක් එකතු වේ.
ඛනිජ තෙල් සංස්ථාවේ ලාභය වශයෙන් රුපියල් 12.80ක් එයට එකතු කිරීමෙන් ලීටරයක් රුපියල් 162.00ක මිලකට පාරිභෝගිකයාට අලෙවි කරයි.
එහෙත් පෙට‍්‍රල් ලීටරයකින් සංස්ථාවට රුපියල් 3.14ක අලාභයක් සිදුවන බව ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos