-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


විශ්වවිද්‍යාල වරම් හිමිවූ සිසුන්ට නායකත්වය පුහුණුවක් ලබාදෙන්නේයැයි පවසමින් ආණ්ඩුව විසින් ලබාදෙන හමුදා පුහුණුවට අනුව ගන්නොරුව හමුදා පුහුණු කඳවුරේ පුහුණව ලබමින් සිට සිසුවෙකු අසාධ්‍ය වී රෝහල් ගතකිරීමෙන් පසුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇති කුඩාවැව අඹගහවැව නොච්චියාගම ලිපිණයේ පදිංචි ලහිරු සඳරුවන් ජයරත්න නම් සිසුවා නොච්චියාගම විද්‍යාර්ශි විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරා තිබෙන අතර යාපනය විශ්වවිද්‍යාලයට තේරීපත්වූවෙකි.
හමුදා පුහුණුව ලබන අතරතුර ඇතිවී තිබෙන හර්නියා සම්බන්ධ රෝගයක් මත ප්‍රථමයෙන් ඔහු පේරාදෙණිය රෝහලෙන් ප්‍රතිකාර ලබා ඇත.
නැවත හමුදා පුහුණුවට රැගෙන ගොස් ඇති ඔහු පසුගිය 26වනදා නැවත එම රෝහලටම ඇතුළත් කර ඇත්තේ ඔහුගේ රෝගී තතිවය උත්සන්න වීම මතය.
එහිදී ඔහුට හර්නියා ආශ්‍රිත ‍රෝගී තත්වයත් සමග අක්මාව සහ හදවත ආශ්‍රිතවද රෝගී තත්වයක්ද හටගෙන තිබේ. රෝහල් ගතකරන විටත් ඔහු මද සියි මුර්ජා තත්වයකට ලක්ව ඇති අතර රෝහල් ගතව සිටියදී කොමා තත්වයකට ලක්ව ඇත.
මේ වනවිට පේරාදෙණිය රෝහල අවට දැඩි හමුදා ආරක්ෂාවක් යොදවා තිබේ.
නායකත්ව පුහුණුව නමින් ලබාදෙන හමුදා පුහුණුව සඳහා ගන්නොරුව හමුදා කඳවුරේ සිටින සිසු සිසුවියන්ට සෑම දිනකම අලුයම 03.00ට පමණ ආරම්භ කරන පහුණු කටයුතු මධ්‍යම රාත්‍රී 12 පසුවන තෙක් පවත්වන බවත් වාර්තාවේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos