-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

‘මූල්‍ය අනවධානය හා වැරදි භාවිතය’ යන චෝදනාවන් එල්ල වෙමින්, ‘බෑන්කර්’ සඟරාව විසින් ‘වසරේ මහ බැංකු අධිපතිවරයා’ ලෙස 2010 වසරේදී නම් කරන ලද ප්‍රකට මහ බැංකු අධිපතිවරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
මෙසේ වැඩ තහනමකට ලක්ව ඇත්තේ ලමීඩෝ සනූසි නම් වූ නයිජීරියාවේ මහ බැංකු අධිපතිවරයාගේය.
නයිජීරියාවේ ඛනිජතෙල් ක්ෂේත්‍රයේ ආදායමින් ඇ.ඩො.බිලියන 20ක මුදලක් අතුරුදන් වීම පිළිබඳ රට තුළ මහත් ආන්දෝලනයක් ඇතිවීමත් සමග මේ ආකාරයෙන් මහ බැංකු අධිපතිවරයාගේ වැඩ තහනම් කිරීමට නයිජීරියානු ජනපති ගුඩ්ලක් ජොනතන් කටයුතු කර ඇති බව පැවසෙයි.

2009 වසරේදී එරට මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වීම් ලැබූ හෙතෙම නයිජීරියාවේ බැංකු පද්ධතිය තුළ සිදුකරන ලද ප්‍රතිසංස්කරණ හේතුවෙන් ඉහළ ප්‍රසාදයක් දිනා සිටි පුද්ගලයෙකු ලෙස සැලකෙයි. ‘බෑන්කර්’ සඟරාව විසින් 2010 වසරේ මහ බැංකු අධිපතිවරයා ලෙස ඔහු නම් කරන ලද්දේද එවැනි වටපිටාවකය.
කෙසේ වෙතත්, වැඩතහනමට ලක්වූ මහ බැංකු අධිපතිවරයා පවසා සිටියේ මහ බැංකුවේ ස්වාධීනත්වය වෙනුවෙන් තමාගේ වැඩතහනම සම්බන්ධයෙන් අභියෝග කිරීමට තමන් සූදානම් බවය.
මෙම සිදුවීමත් සමග කිසිදු විනිවිදභාවයක් නැති, අතිශය දූෂිත නයිජීරියානු ඛනිජතෙල් ක්ෂේත්‍රයේ සිදුවන දැවැන්ත මගඩි ලෝකයට හෙළිකිරීම පිළිබඳ බලපෑමක් ඇති කෙරෙන බව බී.බි.සී.ය පෙන්වා දෙයි.
ලොව ප්‍රධානතම ඛනිජතෙල් නිෂ්පාදකයෙකු ලෙස සැලකෙන නයිජීරියාවේ, මහ බැංකු අධිපතිවරයාගේ වැඩතහනම් කිරීමත් සමග ඇතිවූ අවිනිශ්චිතතාව හේතුවෙන් එරට විදේශ විනිමය, බැඳුම්කර හා මුදල් වෙළෙඳ පොළවල්වල ගනුදෙනු ඇණහිට ඇති බවද රොයිටර් පුවත් සේවය පවසයි. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week