මහනුවර ඩි.එස්.සේනානායක විදියේ පිහිටා ඇති ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ඉපැරණි ගොඩනැගිල්ලක් ව්‍යාජ ලේඛන සකස් කර රුපියල් ලක්ෂ 250 කට විකුනු බව කියන පුද්ගලයෙක් සහ එය මිලදි ගත් කෝටිපති ව්‍යාපරිකයෙක් මධ්‍යම පලාත් පුරා විද්‍යා ආරක්ෂක ඒකකයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පුරාවිද්‍යා ආරක්ෂක ඒකකයේ පොලිස් කණ්ඩායමකට ලෝක උරුමයක් ලෙස නම් කර ඇති ගොඩනැගිල්ලක් කඩමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත එහි ගොස් පරික්ෂණයක් ආරම්භ කර ඇත.
ගොඩනැගිල්ල මිලදි ගත් මාවිල්බඩ ප‍්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපරිකයා අත්අඩංගුවට ගෙන ප‍්‍රශ්න කිරිමේ දී හෙළිවු තොරතුරු මත ඔහුට මෙම ගොඩනැගිල්ල විකුණු බව කියන පුද්ගලයාද අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගොඩනැගිල්ල අවුරුදු 15 ක් පමණ වයසැති දරුවකුට හිමිවන අතර ඔහුට මෙහි අයිතිය හිමිව ඇත්තේ මවුපියන් මිය යෑමෙන් පසුව බව පොලිසිය කියයි.
දරුවාගේ මවුපියන් මිය යෑමෙන් පසුව දරුවා මාමා කෙනෙකු විසින් හදා වඩාගෙන ඇති අතර ඔහු මෙම ගොඩනැගිල්ල තමාට අයත් බවට ව්‍යාජ ලේඛන සකස් කර අලෙවි කර ඇති බවද හෙළිවි ඇත.