-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

යුක්රේනයේ දේශපාලන අනාගතය පිළිබඳව ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් දෙදෙනෙකු අතර සිදුකෙරුණු දුරකථන සංවාදයකදී යුරෝපා සංගමයට අසැබි වදනින් බැණ වදිනු පටිගත කර අන්තර්ජාලයේ පළ කර ඇත.

යුරෝපය පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලන්ඞ් මේ පිළිබඳ චෝදනාවට ලක්ව තිබේ.

යුක්රේනයේ ඇමරිකානු තානාපති ජෙෆ්රි පියැට් සමග යුක්රේන අර්බුදය විසඳන ආකාරයක් පිළිබඳ කථාකරන මෙම සංවාදය මෙයිඩාන් රූකඩ ලෙස නම් කර ඇති අතර නිර්නාමික පුද්ගලයකු විසින් පළ කර ඇතැයි වාර්තා වේ.

පසුගිය මසදී විරුද්ධ පක්ෂ නායකයින් වන ආර්සෙනි යට්සෙන්යුක් හට අගමැතිධුරයත් විටැලි ක්ලිච්කෝ හට උප අගමැතිධුරයත් ප‍්‍රදානය කිරීම සඳහා ජනාධිපති වික්ටර් යනුකොවිච් විසින් කළ යෝජනාව සංවාදයට ප‍්‍රස්තුත වී ඇති අතර නුලන්ඞ්ගේ අදහස වී ඇත්තේ විටැලි රජයට එක් නොවිය යුතු බවත් යට්සෙන්යුක් ඇරයුම භාරගත යුතු බවත්ය.

එක්සත් ජාතීන්ගේ මහලේකම් විසින් යුක්රේනය පිළිබඳ නියොජිතයකු ලෙස යුක්රේනයේ හිටපු  ඕලන්ද තානාපති රොබට් සෙරී පත්කිරීම තත්වය පාලනය කිරීමට හොඳ ක‍්‍රමයක් බවත් නැතිනම් රුසියාව වාසි අත්පත් කරගනු ඇති බවත් කී නූලන්ඞ් තම අප‍්‍රසාදය යුරෝපා සංගමය කෙරෙහි දක්වා තිබේ.

නියෝජ්‍ය රාජ්‍ය ලේකම්වරිය මෙම පටිගත කිරීම ප‍්‍රතික්ෂේප කර නොමැති අතර ඒ පිළිබඳ යුරෝපා සංගමයෙන් සමාව ඉල්ලා ඇතැයි රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශිකා ජෙන් ප්සාකි පවසා ඇත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos