-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මාධ්‍යවේදිනී මෙල්ෂියා ගුණසේකර මෙනවියගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර නිවෙස්‌ පින්තාරුකරු තවත් අපරාධ රැසකටම සම්බන්ධ බවට කරුණු හෙළි වී ඇතැයි මිරිහාන විශේෂ අපරාධ හා මෙහෙයුම් ඒකකය පවසයි.

රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මොහු විසින් 1991 වර්ෂයේදී තලංගම නිවසකින් දේපළ සොරාගැනීමක්‌ හෙළි වූ බව ද එම ඒකකය කියයි.

සැකකරු සොරාගත් ජංගම දුරකථන තුනක්‌ හා ලැප්ටොප් පරිගණකයක චාජරයක්‌ ද ඔහු කළ ප්‍රකාශයකට අනුව දොම්පේ පිහිටි ඔහුගේ නිවසින් සොයාගත් බව එම ඒකකය පවසයි.

මේ අනුව සැකකරු තවත් දේපළ සොරකම් හා අපරාධ කරන්නට ඇතැයි සැකකරන පොලිසිය ඒ ගැන දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යයි.

තමන් අපරාධය සිදුකර මෙල්ෂියා මෙනවියගේ බ්ලැක්‌බෙරි ජංගම දුරකථනය ගලවා විසිකර දැමූ බවත් සොරාගත් රුපියල් එක්‌දහස්‌ දෙසීයෙන් රුපියල් හාරසිය දහයක්‌ වැයකර මත්පැන් පානය කළ බවත් සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත.

මේ අතර මාධ්‍යවේදිනී මෙල්ෂියා ගුණසේකර මෙනවියගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණය පෙරේදා (03 වැනිදා) කොළඹ ජාතික රෝහලේදී පැවති අතර ගෙල ප්‍රදේශයට එල්ල වූ මාරාන්තික පිහි ප්‍රහාර හේතුවෙන් අධික රුධිරය වහනය වීමෙන් මරණය සිදුවී ඇති බව හෙළි වූ බවත් එය මනුෂ්‍ය ඝාතනයක්‌ බවත් අනාවරණය විය.

මෙම පශ්චාත් මරණ පරීක්‍ෂණය කොළඹ වෝහාරික වෛද්‍ය පීඨයේ මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා හමුවේ පැවැත්විණි.

පෙරේදා (03 වැනිදා) සවස බස්‌නාහිර දකුණ නියෝජ්‍ය පොලිස්‌පති කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක්‌ වූ පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරි අජිත් රෝහණ මහතා මෙසේ පැවසීය.

"මාධ්‍යවේදිනී මෙල්ෂියා ගුණසේකර මෙනෙවියගේ ඝාතනයෙන් එළිවෙන දෙයක්‌ තිබෙනවා. ඒ තමන්ගේ නිවෙස්‌ සෑදීමට, පින්තාරු කිරීමට එන අය අතර මේ වගේ අපරාධකරුවන් ඉන්න පුළුවන් කියන එක. ඒ නිසා නිවෙස්‌ සෑදීමට, පින්තාරු කිරිමට එන පුද්ගලයන් ගැන ජනතාව මීට වඩා අවධානයෙන් සිටිය යුතුයි. පොලිසිය ඉන්නේ අපරාධ මැඬලීමට. එහෙත් ජනතාව වශයෙන් හැමෝම අපරාධ වළක්‌වන්නට එකතු විය යුතුයි."

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos