-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


එළැඹෙන පළාත් සභා මැතිවරණයේදී කලාකරුවන් ජන්දයට ඉදිරිපත්වීම පිළිබඳව ජනතාවගේ අප්‍රසාදය පළවීමත් සමග සම්මුඛ පරීක්ෂණ සඳහා කලාකරුවන් ඉදිරිපත්වුණ පක්ෂද එම තීරණය පිලිබඳ දෙවවරක් සිතා බැලීමට සිදුවී ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ජින්ජර්, රුවන්ති, ගයේෂා ද, එක්සත් ජාතික පක්ෂයෙන් නදීෂා හේමමාලි ද, ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් රවීන්ද්‍ර යසස් හා ජගත් බෙනරගමද, ඉදිරිපත්වීම හේතුවෙන් දේශපාලන වේදිකාවල ඔවුනොවුන්ට මේ සම්බන්ධව පහර ගැසීමටද හැකියාවක් ලැබී නැත.

මෙහිදී ජින්ජර් වයිට් හා ගයේෂා විසින් නාමයෝජනා ලැබීමට පෙර කට වරද්දාගත් නිසාවෙන් ඔවුන්ට බොහෝ දුරට නාම යෝජනා නොලැබී යාමට ඉඩ ඇති බව වාර්තා වේ.

මාධ්‍යයට අදහස් දැක්වීමකින් තොරව මාධ්‍යය සාකච්චා මගහරිමින් සිටි රුවන්ති හා නදීෂා සම්බන්ධව එම පක්ෂ දෙකෙන්ම තවමත් නිසි තීරණයක් ගෙන නැත්තේ ඔවුන් නාම යෝජනා දීමට පෙර අනවශ්‍ය දෑ මාධ්‍යය හමුවේ නොකීම හේතුවෙනි.

විශේෂයෙන දෙරණ වාදපිටියට සහභාගී වූ ගයේෂා තමා ජන්දයට පැමිණෙන්නේ ජනාධිපතිවරයාගේ ආශීර්වාදයෙන් බව පැවසීම ඇයගේ ලකුණු කැපීමට හේතුවී ඇත.

ජනාධිපතිවරයාගෙන් නිදහස් පක්ෂයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන ගයේෂාගේ ප්‍රකාශය පිලිබඳ විමසා ඇති අතර ජනපතිවරයා එය ප්‍රතික්ෂේපකොට ඇත.

නදීෂා සම්බන්ධව එක්සත් ජාතික පක්ෂයේ නාම යෝජනා මණ්ඩලය සාකච්ජා ආරම්භ කරන විට වජිර අබේවර්ධන ඇතුළු පක්ෂ සාමාජිකයන් රැසක් ගාල්ල උළුවිටිකේ පැවති පක්ෂ සමුළුවේදී ඇය සමග සිට ජයාරූප ගෙන තිබුණි.

නදීශාගේ ඉල්ලීම මත ජායරූපයකට පෙනී සිට තිබුනේ විපක්ෂ නායකවරයා පමණි. මෙයට අමතරව නදීෂා වෙනුවෙන් කෝටි ගණනක් වියදම් කිරීම සඳහා ඇයගේ ව්‍යපාරික හිතවතුන් සූදානම් වීම හේතුවෙන්ද ඇයට නාම යෝජනා ලබා දීමේ ඉඩකඩ වැඩි බව වාර්තා වේ.

මේ අනුව රුවන්ති මංගලා හා නදීෂා පමණක් කලාකරුවන් නියෝජනය කරමින් ප්‍රධාන පක්ෂ දෙකෙන් නියෝජනය කරනු ඇති බව වාර්තා වේ. 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos