-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බෙන්තොට වෙරළ තීරයේ ඊයේ (4 දා) ක්‍රිකට්‌ ක්‍රීඩාවේ යෙදී සිටි තරුණයන් පිරිසකගෙන් දෙදෙනෙකු මුහුදට විසි වූ පන්දුව ගැනීමට යැමේදී මුහුදේ ගසාගෙන ගොස්‌ ඇත.

ඊයේ (4 දා) පෙරවරුවේ දුම්රියෙන් බෙන්තොටට පැමිණ ඇති මෙම තරුණ පිරිස කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළි වී තිබේ.

ඔවුන් වෙරළ තීරයේ දිය නාමින් සහ ක්‍රිකට්‌ ක්‍රීඩා කරමින් සිටියදී පන්දුවක්‌ මුහුදට විසිවීමත් සමඟ එක්‌ තරුණයකු එය ගැනීමට මුහුදට පැනීමේදී ඔහු දිය රැල්ලකට හසු වී ගසාගෙන යනු දුටු තවත් තරුණයකු ඔහු බේරා ගැනීමට මුහුදට පැන තිබේ.

එහිදී එම තරුණයන් දෙදෙනා ගසාගෙන ගොස්‌ ඇත. කොළඹ මරදානේ මාලිගාවත්තේ පදිංචි මොහොමඩ් ජලීන් (16) සහ මොහොමඩ් ඉස්‌ලීන් (17) යන දෙදෙනා මෙසේ ගසා ගෙන ගොස්‌ ඇත.

ඊයේ (4 දා) උදැසන ද ප්‍රදේශයේ ධීවරයන් හා කිමිදුම්කරුවන් බෝට්‌ටු රැසක්‌ සමඟ බෙන්තොට පොලිස්‌ නිලධාරීන් ද මුහුදේ ගිලුන තරුණයන් සෙවීමෙහි නිරත වූ නමුත් ඔවුන් පිළිබඳ කිසිදු හෝඩුවාවක්‌ හමු වී නැත.

බෙන්තොට පොලිස්‌ ස්‌ථානාධිපති අශෝක කරුණාරත්න මහතා ප්‍රමුඛ නිලධාරිහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos