-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නිදහස්‌ දිනය නිමිත්තෙන් හිමි වූ පොදු සමාවට අනුව නිදහස ලැබූ රට පුරා විවිධ බන්ධනාගාරවල සිටි රැඳවියන් 1000 ක්‌ දෙනා ඊයේ (4 දා) බන්ධනාගාර බස්‌ රථ මගින් කොළඹට රැගෙනවිත් නිදහස්‌ කර ඇත. 

දුරබැහැර ප්‍රදේශවල සිට මොවුන් කොළඹට ගෙන ඒම සඳහා ලක්‍ෂ ගණනක මුදලක්‌ නිකරුණේ වැයකර ඇති බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

මෙම රැඳවියන් නිදහස්‌ දිනය නිමිත්තෙන් ජනාධිපති පොදු සමාවක්‌ ලැබ නිදහස්‌ කර යෑවීමට තීරණය වී තිබූ අතර බන්ධනාගාර ඇමැති චන්ද්‍රසිරි ගජධීර මහතාගේ ප්‍රධානත්වයෙන් එය සිදු කෙරිණි.

පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, ගාල්ල, තංගල්ල, කලුතර සහ අනුරාධපුර ඇතුළු බන්ධනාගාර ගණනාවක රඳවා සිටි රැඳවියන් විශාල පිරිසක්‌ ඊයේ (4 දා) පෙරවරුව වන විට මෙසේ කොළඹට රැගෙනවිත් තිබිණි.

එම රැඳවියන් කොළඹට ගෙන එනු ලැබූ බස්‌ රථ 15 ක්‌ පමණ ඊයේ පෙරවරුවේ සිට බන්ධනාගාර ක්‍රීඩාපිටිය ඉදිරිපිට ඇති ලෙස්‌ලි රණගල මාවතේ ගාල් කර තිබූ අතර ඒවායේ රැගෙන ආ රැඳවියන් දැඩි දුෂ්කරතාවකට පත් වෙමින් උත්සවය ආරම්භ වන තුරු බස්‌ රථ තුළම සිරවී සිටිනු දක්‌නට ලැබිණි.

මෙසේ විශේෂිත දිනයක්‌ නිමිත්තෙන් නිදහස හිමි වූ රට පුරා බන්ධනාගාරවල රඳවා සිටියවුන් කොළඹට ගෙනවිත් මුදා හැරීමක්‌ සිදු වූයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට බව ඇතැම් බන්ධනාගාර නිලධාරිහු පවසති.

මේ සම්බන්ධයෙන් බනAධනාගාර මූලස්‌ථානයේ කොමසාරිස්‌වරයකුගෙන් අප කළ විමසීමකදී බන්ධනාගාර ඇමැතිවරයාගේ උපදෙස්‌ මත දුර බැහැර බන්ධනාගාරවල රැඳවියන් කොළඹට රැගෙන ඒමට පියවර ගත් බව හෙතෙම පැවසීය.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos