-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එරෙහිව ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ එක්වී කොළඹදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ කරමින් සිටි බවට චෝදනා කරමින් ඕස්ට්‍රේලියා සහ නවසීලන්ත හරිත පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිවරියන් දෙදෙනකු ප්‍රශ්න කිරීම සඳහා ආගමන විගමන නිලධාරීන් විසින් ඔවුන්ගේ භාරයට ගනු ලැබ ඇත.ඔවුන් ඊයේ රටින් පිටමං කර යැවීමට පියවර ගෙන තිබිණි.

එසේ ආගමන විගමන නිලධාරීන් භාරයට ගෙන රටින් පිටුවහල් කරනු ලැබුවේ නවසිලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රි ජැන් ලොගී සහ ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තු මන්ත්‍රි ලී රයිනන් යන දෙදෙනාය.

ඔවුන් වීසා නීති කඩකරමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට උත්සාහ දැරූ නිසා මේ පියවර ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය.

වීසා නීති කඩකරමින් පොදුරාජ්‍ය නායක සමුළුව පැවැත්වීමට එරෙහිව අදහස් ප්‍රකාශ කිරීම සඳහා  ඊයේ පෙරවරුවේ දෙමළ සන්ධාන කාර්යාලයේදී ඔවුන් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර තිබූ බව ආරක්ෂක අංශවලට සහ බුද්ධි අංශවලට තොරතුරු ලැබී තිබිණි.

ආරක්ෂක අංශ භාර උසස් නිලධාරියෙක් පැවැසුවේ මේ දෙදෙනා දින කීපයකට පෙර මෙරටට පැමිණ උතුරේ සංචාරයක යෙදෙමින් සිට මේ ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා කොළඹට පැමිණ සිටි බවයි.

ඔවුන් පිළිබඳ බුද්ධි අංශ පුළුල් ලෙස පරීක්ෂණ පවත්වා ආගමන විගමන නිලධාරීන්ට දැනුම් දී තිබිණි.ආරක්ෂක අංශ නිලධාරියා පැවැසුවේ සංචාරක වීසා මඟින් මෙරටට පැමිණ මාධ්‍ය සාකච්ඡා සංවිධානය කිරීම තහනම් බවයි.

එම මන්ත්‍රිවරියන් දෙදෙනාගෙන් එක් අයකු ඊයේ සවස 2ටත් අනෙක් තැනැත්තිය ඊයේ රාත්‍රියේත් රටින් පිටව යෑමට නියමිතව තිබිණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week