-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


2013  විශ්ව රූ රැජින (Miss Universe) තේරීම සඳහා වන අවසාන මහා තරගය පෙරේදා (09) රාත්‍රියේ රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වුණා. ලොව සුරූපිනියන් 86 දෙනකුගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු එම තරගයේදී විශ්වයේ සුන්දරම යුවතිය ලෙස කිරුළු පැළඳුවේ වෙනිසුවෙලාවේ ගබ්රියෙලා ඉස්ලර්. මෙවර විශ්ව රූ රැජින තරගයේ දෙවැනි තැන ස්පාඤ්ඤයේ පැට්‍රිෂියා රොඩ්‍රියාස්ටත්, තෙවැනි ස්ථානය ඉක්වදෝරයේ කොන්ස්ටන්සා බායිස්ටන්ටත් හිමි වුණා. 2013 විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳි 25 හැවිරිදි ගබ්රියෙලා මෝස්තර නිරූපණ ශිල්පිනියක් මෙන්ම රූපවාහිනී වැඩසටහන් මෙහෙයවන්නියක් ලෙසත් කටයුතු කරනවා. ඉකුත් වසරේදී විශ්ව රූ රැජින කිරුළ හිමිකරගත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔල්වියා කල්‍පෝ විසිනුයි 2013 විශ්ව රූ රැජිනට හිමි කිරුළ ගබ්රියෙලාගේ හිසේ පැළඳුවේ. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමන්දා රත්නායක මෙවර විශ්ව රූ රැජින තරගාවලියට ඉදිරිපත් වී සිටියත් අවසාන තරගකාරියන් 16 දෙනා අතරට පැමිණීමට ඇයට හැකිවුණේ නැහැ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week