-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

දෙදෙනාගේ කැමැත්ත මත සිදු කළ විවාහයට බිරියගේ පාර්ශ්වයෙන් විරෝධය දැක්වීම නිසා කෝපයට පත් විසිතුන් හැවිරිදි සැමියා විසි එක් හැවිරිදි තම බිරියට කඩුවකින් හිසට පහර දී තෝරගල්ල පොදු සුසාන භූමියට ගොස් ලණුවකින් ගසක එල්ලී සිය දිවි හානිකර ගැනීමේ පුවතක් පඬුවස්නුවර පොලිසියෙන් වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ පඬුවස්නුවර පොලිස් වසමට අයත් අඹගහවැව පදිංචි ජේ.ඒ. කමලසිරි ගුණතිලක නමැති විසිතුන් හැවිරිදි තරුණයෙකි.

සැමියාගේ කඩු පහරින් බරපතළ ලෙස තුවාල ලැබූ දිස්නා දුලාංජලී රණසිංහ නමැති විසිඑක් හැවිරිදි තරුණ බිරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. මොවුන් දෙදෙනාම අඹගහවැව ප්‍රදේශයේ පදිංචි කරුවෝ වූහ.

මෙම විවාහයට බිරියගේ පාර්ශ්වයෙන් අකැමැත්ත දැක්වීම නිසා සැමියා හා බිරිය අතර ඇතිවූ මත ගැටුම් හේතුවෙන් මෙම පහරදීම හා සියදිවි හානි කරගැනීම සිදුව ඇතැයි මෙහි පරීක්ෂණවලදී අනාවරණය වූ බැව් පඬුවස්නුවර පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක සුමනවීර මහතා පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week