බන්ධනාගාර බුද්ධි හා ආරක්‍ෂක ඒකකයේ නියාමකවරියක් පෙරේදා (09) රාජකාරියේ නිරතව සිටියදීම වස පානය කිරීමෙන් අසාධ්‍යව ප්‍රතිකාර සඳහා රාගම මහ රෝහලට ඇතුළත් කර තිබේ.
මෙම නියාමකවරිය රාජකාරිය අතරතුර ලැබුණු විවේකයකදී වැලිකඩ බන්ධනාගාර භූමියේ ඇති බුද්ධි ඒකකයේ නිලධාරිනියන් නවාතැන් ගෙන සිටින තනිකඩ නිල නිවාස වෙත ගොස් මෙසේ වස පානය කර ඇතැයි බන්ධනාගාර බුද්ධි ආරක්‍ෂණ ඒකකයේ නියාමකවරයෙක් පැවසීය.
මෙම නිලධාරිනිය පැණි බීම බෝතලයකට වස කළවම් කර පානය කර ඇත.