කිලෝ ග්‍රෑම් දහසකට වඩා බරැති යුරෝපීය චන්ද්‍රිකාවක් ඉදිරි පැය විසි හතර ඇතුළත පෘථිවියට කඩා වැටීමට නියමිත බව යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය පවසයි.
පෘථිවි වායු ගෝලයට ඇතුළු වීමේදී චන්ද්‍රිකාවේ බොහෝ කොටස් දැවී අළු වී යනු ඇති නමුත් කිලෝ ග්‍රෑම් දෙසීයක් පමණ බරැති කොටස් කිහිපයක් පොළොවට පතිත වනු ඇති බව විද්‍යාඥයන්ගේ අදහසයි.
මෙම චන්ද්‍රිකාව වසර 2009 දී අභ්‍යවකාශ ගත කර ඇති අතර අපේක්ෂිත කාලයට වඩා දෙගුණයක කාලයක් අභ්‍යවකාශයේ රැඳී සිටි අතර එහි සුන් බුන් පෘථිවියේ කුමන ප්‍රදේශයකට පතිත වේ ද යන්න තවමත් සනාථ වී නැත.
චන්ද්‍රිකාව සතු ඉන්ධන සියල්ල මේ වන විට දැවී හමාර වී ඇති බව වාර්තා වෙයි.