-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



ඇමරිකානු බැංකුව හෙවත් බෑංක් ඔෆ් ඇමරිකා උකස් වංචාවක් සඳහා වරදකරු බව තීන්දු කළ ෆෙඩරල් අධිකරණයක් විසින් ඒ සඳහා ඩොලර් මිලියන 864ක වන්දියක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පවසන්නේ 2008දී ඇමරිකානු බැංකුව විසින් මිලදී ගනු ලැබූ කන්ටි‍්‍රවයිඞ් සමාගම නිවාස ණය උකස් වසර දෙකක් පුරා වංචාසහගත ලෙස ෆැනී මේ සහ ෆ්‍රෙඞී මැක් යන රජයේ අනුග‍්‍රහය ලබන ණය ලබාදෙන ආයතන දෙකට විකුණා ඇති බවයි.

මේ අතර කන්ටි‍්‍රවයිඞ් සමාගමේ හිටපු විධායක නිලධාරිනියක් වන රෙබෙකා මයිරෝන් වෙතද දඬුවම් ලබාදෙන ලෙස රජය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඇද වැටෙන නිවාස වෙළඳපොළෙන් හැකි උපරිම ලාභ ලබාගැනීම සඳහා මාසික වාරිකය පවා ගෙවිය නොහැකි පවුල් වලට නිවාස ණය නිකුත් කර ඇති කන්ටි‍්‍රවයිඞ් පරිපාලනය විසින් එම උකස් සුරැකුම්පත් රජයට විකුණා ඇති බව චෝදනාවේ සඳහන්ව තිබේ.

මේ අතර මේ වන විට ජේ.පී මෝගන් බැංකුවේ සේවය කරන රෙබෙකා මයිරෝන් තමන් කිසිදු වරදක් නොකළ බව පවසා ඇති අතර ඇයට හෝ කිසිදු පුද්ගලයෙකුට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කර නොමැත.

බැංකුව විසින් රටේ ආර්ථිකයට සිදුකර ඇති අලාභය සමග සැසඳීමේදී ලබාදී ඇති දඬුවම ප‍්‍රමාණවත් නොවන බව ඇතැමුන් පවසන අතර මෙය ඉදිරිය සඳහා පූර්වාදර්ශයක් වනු ඇතැයි රජය පවසා තිබේ.

තීන්දුව පිළිබඳ ප‍්‍රතිචාරයක් දැක්වීමට නොවැම්බර් 20 දක්වා ඇමරිකානු බැංකුවට අවකාශ සැලසෙනු ඇතැයි වාර්තා වේ.  විචාරකයන් පවසන්නේ ඩොලර් බිලියන 2.5ක් ගෙවා මිලට ගත් කන්ටි‍්‍රවයිඞ් සමාගම විසින් ඊට කිහිපගුණයක් විශාල අලාභයක් ගැණුම්කාර ඇමරිකානු බැංකුව වෙත සිදුකර ඇති බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week