මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙක් දකුණු පළාත් සභාවට තරඟ වදින අපේක්ෂකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
දෙනියාය පල්ලෙගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන මෙම අපේක්‍ෂකයාට එරෙහිව රුපියල් 250,000ක සහ රුපියල් 10,000ක චෙක්පත් දෙකක් වංචා කළ බවට පොලීසියට පැමිණිලි ලැබ ඇත.
මොරවක මහේස්ත්‍රාත් අධිකරණය වෙත සැකකරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇප දෙකක් සහ රුපියල් දස දහස බැගින් වු මුදල් ඇප දෙකක් මත මුදාහැර තිබේ.