-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට මුදලට උපාධි විකිණීමට තිබූ කොන්දේසි ලිහිල් කරමින් වෛද්‍ය විද්‍යාව, ඉංජිනේරු ශිල්පය, වාස්තු විද්‍යාව සහ වෙනත් සමාන වෘත්තීය උපාධිවලට අදාළව පිළිගත් වෘත්තීය මණ්ඩලයකින් අනුකූලතා සහතිකයක් ලබාගත යුතු බවට අනිවාර්ය කොට තිබූ කොන්දේසිය උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් 2014 ජනවාරි 31 වැනිදා අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඉවත් කර ඇත.

උපාධි ප‍්‍රදානය කිරීමේ ආයතනයක් වශයෙන් පිළිගනු ලැබ ඇති වෘත්තීයමය උපාධි ලබාදෙන සියලූම රාජ්‍ය නොවන ආයතන විසින් අදාළ විෂය හෝ වෘත්තීය පිළිබඳ දැනුම සහ සුදුසුකම් ඇති තැනැත්තන්ගෙන් සමන්විත පාර්ලිමේන්තු පනතක් මගින් සංස්ථාගත කරන ලද හෝ පිහිටුවන ලද යම් වෘත්තීය මණ්ඩලයක් මගින් එම උපාධිය පිරිනැමීම සඳහා එම ආයතනය සුදුසු බවට නිර්දේශයක් ලබාගත යුතුව තිබිණි.

එහෙත් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ කොන්දේසිය ලිහිල් කිරීමත් සමග වෛද්‍ය, ඉංජිනේරු, වාස්තු විද්‍යා, ගණකාධිකාරී ආදීවූ වෘත්තීන්ගේ ප‍්‍රමිතිය සම්බන්ධයෙන් බරපතළ අනතුරක් පැන නගිනු ඇති බව විද්වතුන්ගේ මතය වී තිබේ.

මේ සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න ප‍්‍රකාශ කළේ ඕනෑම වෘත්තීය අධ්‍යාපන ආයතනයකට අදාළ විෂය සම්බන්ධයෙන් උපාධියක් ලබාදීමට හැකියාව තිබිය යුතු බවත් එම අධ්‍යාපන ආයතනවලට අවශ්‍ය නම් කිසියම් වෘත්තියකට අදාළ වෘත්තීය මණ්ඩලයකින් අනුමැතිය ලබාගත හැකි බවත් එය අනිවාර්ය කිරීම අසාධාරණ බවත්ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos