-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිරියානු රජයට විරුද්ධව සටන් වදිමින් සිටින විදෙස් ආධාර මත ක‍්‍රියාත්මක වන සටන්කාමී කණ්ඩායම් වල ම්ලේච්ඡත්වය දක්වන තවත් වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

අලෙප්පෝ නගරයේදී කැරලිකරුවන්ගේ ග‍්‍රහණයට පත් සිරියානු හමුදා සෙබළෙකුගේ හිස කඳින් වෙන් කර ඇති දර්ශන මෙම වීඩියෝවේ දක්නට ලැබේ.

එහි සිටින සටන්කාමීන් පවසන්නේ හිස ගසා දැමීමට පෙර හමුදා සෙබළා කුසගින්නේ සිටි බවයි.  පසුගිය දෙවසර තුළ කැරලිකරුවන් විසින් අල්ලාගනු ලැබූ හමුදා සාමාජිකයන් සහ රජයට පක්ෂපාතීත්වය දක්වන සිවිල් වැසියන් ඉලක්ක කරගනිමින් සටන්කාමීන් විසින් සිදුකරන අපරාධ දැක්වෙන වීඩියෝ ගණනාවක්ම අන්තර්ජාලයේ පළ කරනු ලැබිණි.

මේ වසර මුලදී පළවූ එවැනි වීඩියෝවක දැක්වුනේ සිරියානු කැරලිකරුවකු විසින් හමුදා සෙබළෙකුගේ හදවත කටේ රුවාගන්නා අවස්ථාවකි.  එය මැයි මස 12වනදා අන්තර්ජාලයට එක්කර තිබූ අතර යුධ ඇඳුමින් සිටි එම සටන්කාමියා තියුණු පිහියකින් හමුදා සෙබළාගේ කවන්ධය පෙති ගසමින් සිටින අතර කැමරාව දෙසට හැරී මෙලෙස හදවත ආහාරයට ගන්නා බව පෙන්වා තිබේ.

ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන පවසන්නේ මෙවැනි ක‍්‍රියාවනක් යුධ අපරාධ ගණයට වැටෙන බවයි.  2011 සිට ඇවිළ යන සිරියානු සිවිල් යුද්ධයෙන් මේ වන විට ලක්ෂයකට වඩා පිරිසක් මියගොස් ඇති අතර බටහිර ජාතීන් සහ කටාර්, සවුදි අරාබිය සහ තුර්කිය යන කලාපීය හිතවතුන් විසින් මෙම කැරලි කණ්ඩායම් වලට ආධාර කරන බව පැවසේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week