වැලිමඩ, හෙවනකුඹුර මධ්‍යම බෙහෙත් ශාලාවේ වෛද්‍යවරයා හෙවනකුඹුර රෝහලින් නොමිලේ නිකුත් කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදුන් රාජ්‍ය මුද්‍රාව සහිත ඖෂධ සිය පුද්ගලික බෙහෙත් ශාලාවේ තබාගෙන සිටියදී සොයාගෙන තිබේ.
ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් විසින් කරන ලද විමර්ශනයක දී මේ පිළිබඳ අනාවරණය වී ඇත.
රාජ්‍ය ලාංඡුනය සහිත රෝහලට නිකුත් කරන ලද ඖෂධ වංචනික ලෙස රැගෙන ගොස් තම පුද්ගලික බෙහෙත් ශාලාවේදී රෝගින්ට මුදලට විකුණන බවට ඌව පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලද පැමිණිලි අනුව මෙම විමර්ශනය සිදුකර ඇත. මේ පිළිබදව අදාල වැලිමඩ පොලිසියේ පැමිණිල්ලක් කර ඇත.