අතුරුදන් මැලේසියානු ගුවන් යානය සෙවීමේ කටයුතු ඉදිරි දින දෙක ඇතුළතදී තිරණාත්මක සන්ධිස්ථානයකට පැමිණෙනු ඇතැයි, මලයාසියානු බලධාරිහු පවසති.
මැලේසියානු වැඩ බලන ප්‍රවාහන අමාත්‍යවරයා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, යානය සෙවීමේ මෙහෙයුම් මේ වන විට බැරෑරුම් සංධිස්ථානයකට පැමිණ ඇති බව ය.
අමාත්‍යවරයා පවසා ඇත්තේ, යානය සොයා ඉන්දීය සාගර කලාපයේ දිය යට සිදු කරන මෙහෙයුම් ඉදිරි සතිය ඇතුළතදී අවසානයක් දකිනු ඇති බව ය.
බ්ලූෆින් – 21 කූඩා සබ්මැරීනය මේ වන විට මෙහෙයුම් 6ක් සිදු කර ඇති මුත් මේ වන තෙක් අදාළ මුහුදු කලාපයෙන් යානය සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට සමත් වී නොමැත.
පුද්ගලයින් 239 දෙනෙකු රැගත් MH370 ගුවන් යානය මැලේසියාවේ ක්වාලලම්පූර් සිට චීනයේ බීජිං දක්වා පියාසර කරමින් තිබියදී පසුගිය මාර්තු 8 වනදා අතුරුදන් විය.
මේ අතර මැලේසියානු අමාත්‍යවරයා ලෝක වාසි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අතුරුදන් යානය සම්බන්ධයෙන් ඉදිරි දින දෙක තුළදී යම්කිසි තොරුතුරක් ලැබෙන ඉල්ලමින් ලෙස යාඥා කරන ලෙස ය.