-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිය පුත්‍රයා ඝාතනය කර දින 4ක් තිස්සේ නාන කාමරයේ බේසමක දමා තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අමෙරිකාවේ ජීවත් වන ඉන්දීය මවකට චෝදනා එල්ල වී තිබේ.


විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ,  පල්ලවි ධාවන් නමැති 38 හැවිරිදි මවකට මෙලෙස චෝදනා එල්ල වී ඇති බව ය.
පසුගිය ජනවාරි 29 වනදා සිදු වූ අදාළ සිදු වීමට මුහුණ දී ඇත්තේ, 10 හැවිරිදි අර්නාව් නමැති පිරිමි දැරුවා ය.
අදාළ සිදුවීම විස්තර කරමින් පල්ලවි සිය නීතිඥයා මාර්ගයෙන් පොලීසීයට ‍දිවුරුම් ප්‍රකාශයක් යොමු කර තිබේ.
‍දිවුරුම් ප්‍රකාශයකට අනුව ඇය පවසා ඇත්තේ, පාසල් යැවීම සඳහා සූදානම් කිරීමේ අරමුණින් තමන් සිය පුත්‍රයා නින්දෙන් ඇහැරවීමට උත්සාහ කළ බව ය.
එවිට දරුවාගේ සිරුර දැඩි ලෙස ශීතල වී තිබූ බව ත් ඔහු තමන් ට කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූ බවත් ඇය පවසා ඇත.
කෙසේ වෙතත් පාසල් යාමට ඇති අකමැත්ත නිසා දරුවා මෙලෙස හැසිරෙන්නට ඇතැයි, තමන් මුලින් සිතූ බව ඇය සිය දිවුරුම් ප්‍රකාශයෙන් පවසා ඇත.
එවිට පුතු එසවීමට  තමන් උත්සාහ කළ බවත් දරුවා මිය ගොස් සිටින බව තමන්ට වැටහුණේ එම අවස්ථාවේදී බව ත් ඇය පවසා ඇත.
දරුවාගේ හෘද ස්පන්ධනය විමසා බැලීමෙන් පසුව ඔහු ප්‍රකෘති තත්ත්වයට ගැනීමට උත්සාහ කළ බව ද ඇය පවසා ඇත.
සියලු උත්සාහයන් ව්‍යර්ථ වූ කල සිය ආගමික චාරිත්‍රානුකූලව මළ සිරුර නෑවීමට අවශ්‍ය බැවින් දරුවාගේ දේහය නාන බේසමක බාල්දියේ දමා තැබූ බවත් ඇය පවසා තිබේ.
දරුවාගේ දේහය ඔහු කැමති ම ඇදුමින් සරසා ඔහු කැමති ම සෙල්ලම් බඩුව ඔහුගේ දේහය අසලින් තබා ඔහු කැමතිම බ්ලැන්කට්ටුවෙන් සිරුර ඔතා සියලු දේ සිදු කළේ චාරිත්‍ර ඉටු කිරීමේ අරමුණින් බවත් ඇය පවසා ඇත.
මෙය සිදුවන අස්ථාවේ දරුවාගේ පියා නිවසේ සිට නොමැති අතර ව්‍යාපාරික කටයුත්තක් සඳහා පිටව ගොස් සිට සැමියා එන තුරු තමන් දරුවාගේ දේහයට චාරිත්‍ර ඉටු කළ බව ඇය වැඩි දුරටත් පවසා තිබේ.
කෙසේ වෙතත් සිය දරුවා ඝාතනය කළ බවට එල්ල වන චෝදනා මෙම මව දැඩි ලෙස ප්‍රතික්ෂේප කර ඇති අතර ඇය පවසන්නේ, තම දරුවාට තමන් කිසිදු ආකාරයේ රිදවීමක් හෝ සිදු නොකළ බව ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos