-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අද (31) පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුරාධපුර රෝහල් පොලිසිය විසින්. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාර දී තිබෙනවා. 

පසුගිය 20 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් සොයා ගනු ලැබුවා. පසුව, අනාවරණය වුණේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මෙම කැමරාව කාන්තා වැසිකිළිය තුළ සවි කර තිබූ බවටයි. අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අද පස්වරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා. 

මේ අතර, මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරු පිරිසක් සහ හෙදියන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ පිරිසක් වැඩවර්ජනයක් ආරම්භ කළා. එය මේ වනතුරුත් කි‍්‍රයාත්මක වනවා. මෙම වැඩවර්ජනයෙන් රෝහල් සේවාවලට බාධා එල්ල වී තිබේද යන්න පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය අනුරාධපුර රෝහලෙන් විමසීමක් කළා. එහිදී රෝහල් ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ ඇතැම් ප‍්‍රතිකාර සේවාවලට සුළු වශයෙන් බලපෑම් එල්ල වී තිබුණ ද රෝහල් කටයුතු අඛන්ඩව කි‍්‍රයාත්මක බවයි.
 
මෙම වැඩවර්ජනයට වෛද්‍යවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටීම පිළිබඳව හිරු ප‍්‍රවෘත්ති අංශය රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් විමසීමක් කළා. එහි මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා කියා සිටියේ මෙම වැඩවර්ජනයට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ කිසිදු අනුග‍්‍රහයක් නොමැති බවයි. 

Update : Tuesday, 31 December 2013 - 12:47
----------------------------------------------------------------
කාන්තා වැසිකිලියේ කැමරාව සවි කළ වෛද්‍යවරයා අත්අඩංගුවට.
Tuesday, 31 December 2013 - 9:50

අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිලියේ කැමරාවක් සවි කිරීමේ සිද්ධියට සම්බන්ධ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (31) පෙරවරුවේ අනුරාධපුර රෝහලේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා වැඩිදුර පරීක්ෂණ සඳහා අනුරාධපුර පොලිසිය වෙත භාරදී තිබෙනවා. පසුගිය 20 වැනිදා අනුරාධපුර ශික්ෂණ රෝහලේ කාන්තා වැසිකිළියේ සවිකර තිබූ කැමරාවක් සොයා ගනු ලැබුවා. පසුව, අනාවරණය වුණේ රෝහලේ සේවය කරන වෛද්‍යවරයෙකු මෙම කැමරාව කාන්තා වැසිකිළිය තුළ සවි කර තිබූ බවටයි. මෙම සිද්ධියට විරෝධය පළ කරමින් ඊයේ දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප‍්‍රධාන කාර්යාලයේ සේවකයන් වැඩවර්ජනයක් ද ආරම්භ කළා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week