-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More



ශී‍්‍ර ලංකාවේ වලංගු මුදල් සහ විදේශවල වලංගු මුදල්ද මුද්‍රණය කරන බියගම පිහිටි මුද්‍රණාලයකින් රුපියල් පන්සියයේ මුදල් නෝට්ටු තොගයක් සොරකම් කළ පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය අද (21) අත්අඩංගුවට ගත්තා. ආරක්ෂිත කැමරා 125 ක් තිබියදී මුද්‍රණාලයේ සේවකයෙකු තනිවම මෙම සොරකම සිදුකර ඇති අතර, මෙය නියම මුදල් නෝට්ටු මුද්‍රණයේදී ශී‍්‍ර ලංකාවේදී සිදුකළ පළමු සොරකම ලෙසයි සැලකෙන්නේ. 

මෙම මුද්‍රණාලයේ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව අනුස්මරණය සඳහා රුපියල් පන්සියේ නෝට්ටු මිලියන 05 ක් සහ සාමාන්‍ය පන්සීයේ නෝට්ටු මිලියන 45 ක් මුද්‍රණය කරන අවස්ථාවේදී අදාළ සොරකම සිදුව තිබෙනවා. එංගලන්තයෙන් ගෙන්වන විශේෂ කඩදාසී පත‍්‍රවල මෙවැනි මුදල් නෝට්ටු 45 ක් එකවර මුද්‍රණය කෙරෙනවා. මාස ගණනාවක සිට මෙම සොරකම සිදුව ඇත්තේ මුද්‍රණ කි‍්‍රයාවලියේ අවසාන අදියරේදීයි. එහිදී මුද්‍රණය නොවී ඇත්තේ මුදල් නෝට්ටුවේ අංකය පමණයි. 

මෙවැනි පොදු රාජ්‍ය මණ්ඩල අනුස්මරණ පන්සීයේ නෝට්ටු මුද්‍රණ කඩදාසි 24 ක් සහ සාමාන්‍ය පන්සීයේ නෝට්ටු මුද්‍රණ කඩදාසි 39 ක් අවස්ථා දෙකකදී අතුරුදන් වී ඇති බව අදාළ මුද්‍රණ සමාගම අනාවරණ කර ගත්තා. එහෙත් දැන් හෙළි වී ඇත්තේ මාස ගණනාවක සිට හසු නොවී මෙම සොරකම විටින් විට සිදුකර ඇති බවයි. සැකකරු සිදුකර ඇත්තේ එම පත‍්‍ර ගෙන ගොස් විශේෂිත මුද්‍රා දෙකක් සකසා අදාළ මුදල් නෝට්ටුවල අංකය මුද්‍රණය කර බෙදාහැරීමයි. මෙම අංක මුද්‍රණය කරන සීල් දෙක නිපදවා ගෙන ඇත්තේ කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ ස්ථානයකින්. එක් මුද්‍රාවක් රතු පාට තීන්ත සහ අනෙක් මුද්‍රාව කළු පාට තීන්ත යොදා ප‍්‍රයෝජනයට ගෙන තිබෙනවා. 

සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී රුපියල් දෙලක්ෂ 62,500 ක් වටිනා රුපියල් පන්සීයේ නෝට්ටු සොයා ගත්තා. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසන්නේ මෙම සැකකරු මේ වනවිට රුපියල් ලක්ෂ 09 කට ආසන්න මුදල් තොගයක් සංසරණයට එක්කර ඇති බවයි.
 
මුද්‍රණ සමාගමේ ආරක්ෂක අංශ ප‍්‍රධානියා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මගින් කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ල ඉදිරිපත් කිරීමත් සමගයි සැකකරු සොයා පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ. එම කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නුවන් වැදිසිංහ, එහි ස්ථානාධිපති නෙවිල් සිල්වා, පොලිස් පරීක්ෂකවරුන් වන එරංග ප‍්‍රනාන්දු සහ රජීව හෙට්ටිආරච්චි මෙහෙයුමට සම්බන්ධ වී තිබෙනවා. පොලිස් සැරයන් රෝහණ, කොස්තාපල් පුෂ්පකුමාර යන අයද මෙහෙයුමට එක්වුණා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week