ශ්‍රී ලංකාවේ සිරි නැරඹීමෙන් අනතුරුව තමන් වෙසෙන ඉස්‌තාන්බුල් නගරය කරා යැම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ස්‌වීඩන් ජාතික ලාබාල සුරූපී විදේශික කතකගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර ඉන්පසු ඇයව බලෙන් සිප ගැනීමට තැත්කර අත්අඩංගුවේ පසුවු ගුවන් තොටුපළ ආරක්‍ෂකයකු රුපියල් 7500 ක මුදල් සහ රුපියල් ලක්‌ෂ දෙකක ශරීර ඇප මත අත්අඩංගුවෙන් මුදා හැරීමට මීගමුව ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ඒ. එම්. එන්. පී. අමරසිංහ මහතා නියෝග කළේය.
ඇප මත මුදාහළ සැකකරු වූයේ කටුගස්‌තොට මඩවල පාර පදිංචි අයෙකි. කටුනායක ගුවන් තොටුපළ පොලිsසිය සැකකරුට එරෙහිව ගොනු කළ පැමිණිල්ලේ පැමිණිලිකාරිය වූයේ ස්‌වීඩන් ජාතික ජෝර්- ආර්ශා ඇනට් නමැත්තියකි. එම පැමිණිලිකාරිය ගුවන් තොටුපළ බලධාරීන්ට සහ ගුවන් තොටුපළ පොලිසියට කළ පැමිණිල්ල අනුව ගුවන් තොටුපළ වෙත පැමිණි විදේශික කත ශාරීරික අවශ්‍යතාවක් සඳහා වැසිකිළිය වෙත ගොස් ඇත. එම අවස්‌ථාවේ එහි පැමිණි බව කියන සැකකරු විදේශික කතගේ ශරීරය බලෙන් ස්‌පර්ශ කර පසුව ඇය බලෙන් සිප ගැනීමට තැත් කළ බවත් එයට ඇය විරෝධය පෑ බවත්a පැමිණිල්ලේ සඳහන් වේ. පසුව පැමිණිල්ල ඉදිරිපත් කළ විදේශික කත ඉස්‌තාන්බුල් කරා පිටත්ව ගොස් ඇත. සැකකරු වෙනුවෙන්a නීතිඥ නෙල්සන් පී. කුමාරණායක මහතා පෙනී සිටියේය. වැඩිදුර විභාගය 2014 මැයි මස 28 වැනි දින පැවැත්වේ.