-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More














වැලිකන්ද කොට්ඨාසයේ අවුරුදු විස්සට වඩා අඩු ගැහැනු දරුවන් 200කට අධික සංඛ්‍යාවකට උපත් පාලන කරල් තැන්පත්කර ඇති බවත් ප්‍රදේශයේ වයස අවුරුදු 14 දැරියන්ටත් එසේ උපත් පාලන කරල් තැන්පත් කරන්නට සිදුව ඇති බවත් වැලිකන්ද ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන හෙද නිලධාරිනී ඩී.කේ. ජයසිංහ මහත්මිය ඊයේ (30දා) කළ ප්‍රකාශයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එම්. නන්දසේන මහතා ඇතුළු මැති ඇමැතිවරුනුත් රාජ්‍ය නිලධාරීනුත් තුෂ්ණිම්භූත වූහ.

උතුරු මැද පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එම්. නන්දසේන මහතාගේ අදහසකට අනුව පළාතේ අතිශය බරපතළ ගැටලුවලට මුහුණ පා සිටින දරුවන් ජීවත්වන ප්‍රදේශවල ගැටලුවල ස්වභාවය පිළිබඳ සොයා බැලීමේ මූලික වැඩසටහන් මාලාවේ ආරම්භ වැඩසටහන ඊයේ (30දා) වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැති අවස්ථාවේ වැලිකන්ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෙනුවෙන් අදහස් ඉදිරිපත් කරමින් ජයසිංහ මහත්මිය මේ බව පැවසුවාය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහත්මිය මෙසේද පැවසුවාය.

අපි කල්පනා කරන්නෙ දරුවෙක් පිළිසිඳ ගැනීමේ සිට දින 1,000ක් ගත වනතුරු එම ළදරුවාගේ තත්ත්වය, මවගේ තත්ත්වය පිළිබඳ සැලකිල්ල, ගැනයි. අපේ කොට්ඨාසයේ උපදින සෑම දරුවන් පස්දෙනකුගෙන්ම එක් අයෙක් මන්දපෝෂණයෙන් පෙළෙනවා. ගැබිනි මවුවරුන්ගෙන් 47%ක් මන්ද පෝෂණය. ගැබිනි මවුවරුන් 42%ක් නීරක්තිය. මේ තත්ත්වයට ප්‍රධාන හේතුව අඩු වයස් විවාහයි. පාසල් යන්න ඕන වයසේ පාසලේ නොයෑමයි. අවුරුදු පහට අඩු දරුවන් සිටින මවුවරුන් 106 විදේශගතවී සිටිනවා. ලේ ඥාති සම්බන්ධ මේ ප්‍රදේශයේ ගොඩක් වෙනස්. අක්කගෙ, දුව පුතා, පුංචිගෙ දුව පුතා, අයියගෙ දුව, බාප්පගෙ දුව පුතා ආදී විවාහයි තිබෙන්නේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week