-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අතුරුදන් වූ මලයාසියානු ගුවන් සේවයට අයත් යානය එහි ප්‍රධාන පාලක මැදිරිය සමග අවසන් වරට පණිවුඩ හුවමාරු කරගැනීමෙන් අනතුරුව ද පැය 4 කට අධික කාලයක් පියාසර කර ඇති බවට තොරතුරු අනාවරණයවීමත් සමග යානය සෙවීමේ පරීක්ෂණ තවත් ව්‍යාකූල වී තිබේ.
එහෙත් මැලේසියාවේ ආරක්ෂක අමාත්‍යවරයා පවසන්නේ ගුවන් යානය රේඩාර් වලින් නොපෙනී ගියාට පසු තවත් පැය කිහිපයක් පියාසර කළ බවට වන වාර්තා ප්‍රතික්ෂේප කරන බව ය.
මේ අතර තමන් ද ස්වාධීන පරීක්ෂණයක් සිදු කරන බව යානයේ එන්ජිම නිපදවා ඇති ‍රෝල්ස් රොයිස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඉකුත් සිකුරාදා පෙරවරුවේ ක්වාලාලම්පූර් සිට බෙයිජිං බලා පියාසර කරමින් තිබියදී අතුරුදන් වූ බෝයින් 777 වර්ගයේ යානය සෙවීමේ පරීක්ෂණවල සම්බන්ධිකරණ කාර්යන් විධිමත් කරන ලෙස චීනය අද මලයාසියාවට බලපෑම් කර තිබේ.
චීනය ද ගුවන් යානය සෙවීමට ගුවන් යානා නෞකා හා චන්ද්‍රිකා කිහිපයක්ම යොදවා ඇත්තේ තවත් රටවල් රැසක් සමග මෙහෙයුමට එක්වෙමිනි.
අදාළ පාර්ශවයන් යානය සෙවීමේ කටයුතු සදහා මනා සම්බන්ධිකරණයකින් යුතුව කටයුතු කළ යුතු බව චීන අග්‍රාමාත්‍යවරයා ඉල්ලා සිටියදී එරට සිවිල් ගුවන් සේවා ප්‍රධානියා පවසන්නේ පරීක්ෂණයට ඉවහල්වන තොරතුරු මලයාසියාව වෙතින් නිෂ්චිතව හා විධිමත්ව ගලා ඒමක් තමන් අපේක්ෂා කරන බව ය.
චීන අග්‍රාමාත්‍යවරයා
අතුරුදන් වූ මලයාසියානු ගුවන් යානයේ පුද්ගලයින් 239 දෙනෙක් ඉන්නවා. එයින් 154 දෙනෙකුම චීන ජාතිකයින්. ඔවුන්ගේ පවුල්වල සමාජිකයින් සහ මිතුරන් අපේක්ෂා භංගත්වයෙන් දැවෙමින් ඉන්නේ. අපි සියලු දෙනාම දැඩි උනන්දුවකින් පසුවනවා යානය පිළිබඳ කිසියම් හෝ තොරතුරක් ලැබෙයි කියලා. අපි අපේ උපරිමය කරනවා චන්ද්‍රිකා ඡායාරූපවල සටහන්වෙලා තියන සැකසහිත පැල්ලම් වැනි සලකුණු හඳුනාගන්න.
ගුවන් යානයේ සුන්බුන් බවට අනුමාන කල හැකි පැල්ලම් සටහන්වී ඇති චන්ද්‍රකා ඡායාරූප චීන ආණ්ඩුවේ වෙබ් අඩයවියක පලකෙරී තිබේ.
ගුවන් යානයේ සුන්බුන් බවට මිට පෙර අනුමාන කෙරෙන එවැනි දෑ ඔස්සේ කෙරුණු පරීක්ෂණ නිෂ්ඵල විය.
චීන ආණ්ඩුවේ වෙබ් අඩවියේ ඊයේ පල කෙරුණු චන්ද්‍රිකා ඡායාරූප ලබාගෙන ඇත්තේ ඉකුත් ඉරිදා ය.
එරට සිවිල් ගුවන්සේවා ප්‍රධානී ලී ජියැංෂියැං පවසන්නේ චීන චන්ද්‍රිකාවලට දුම් හා කිසියම් පාවෙන යමක් නිරික්ෂණය වී ඇති බව ය.
ඒවා හා අතුරුදන් වූ ගුවන් යානය අතර කිසියම් සම්බන්ධයක් තිබේදැයි  දැනට තහවුරු කළ නොහැකි බව ඔහු පවසා තිබේ.
මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිටින නිව්ස්ෆස්ට් කාර්යාංශ වාර්තාකරු දුෂාන් රාජපක්ෂ මෙසේ පැවසීය.
මැලේසියාවේ සිටින සියලුම ජනතා විශේෂශයෙන් දැඩි ශෝකයෙන් සහ කම්පාවෙන් පසුවනවා. සමහර පුද්ගලයින් විශ්වාස කරනවා ගුවන් යානය තවමත් කොහේ හෝ අතරමං වෙලා ඇති මගීන් නැවත පැමිණේවී ගුවන් යානය සමග ‍ඒ වගේ විශ්වාසයන් පවතිනවා.ඒවගේම සියලු ජනතාව විහාරස්ථාන වලට පල්ලිවලට රැස්වෙලා ආගමික වතාවත්වල නිරතවනවා ඔවුන්ට ආශිර්වාද කරනවා ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන්ම සදහන් කරන්න ඕන මැලේෂියනු රජය සහ රාජකීය පවුල ඔවුන් මේ පිලිබදව දැඩි අවධානයෙන් පසුවනවා ඔවුන්ට දැඩි පීඩනයක් එල්ලවෙලා තියනවා මෙම මගීන්ගේ ඥාතීන්ගෙන් රජයට හා මැලේෂියානු ගුවන් සමාගමට ඇයි තවමත් කිසිදු තොරතුරක් ඔවුන්ට සොයාගන්න බැරි මේක අභිරහසක් වශයෙන් වැලලීයාවිද ඔවුන් දැඩි පීඩනයක් එල්ල කරනවා මැලේෂියානු රජයට. නිව්ස්ෆස්ට් වෙනුවෙන් මම දූෂාන් රාජපක්ෂ මැ‍ලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට
මේ අතර ඇමරිකානු ගුවන්සේවා ප්‍රධානියා මීට හය මසකට පෙර අනතුරු අඟවා තිබුණේ බෝයිං 777 වර්ගයේ ගුවන් යානාවල කිසියම් දෝෂයක් පවතින බැවින් එය නිවැරදි කරන ලෙසට ය.
සියලු බෝයිං 777 ගුවන් යානාවල එම දෝෂය පවතින බැවින් යානය ගුවනේදී පුපුරා යා හැකි බවට ඇමරිකානු සිවිල් ගුවන්සේවා ප්‍රධානියා අනතුරු ඇඟවිය.
එම වරද හඳුනාගනිමින් ඇමරිකාව එම අනතුරු ඇඟවීම කර ඇත්තේ පසුගිය ව‍සරේ සැප්තැම්බර් මස 18 වන දා ය.
වරද නිවැරදි කර ගැනීම සදහා මේ වසරේ 09 වන දා දක්වා ඔවුන් කාලය දී තිබුණි.
‍මේ අතර ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ අතුරුදන් වූ ගුවන් යානය සෙවීමට මැලේසියාව ඉන්දියාවේ සහාය ඉල්ලා ඇති බව ය.
ඉන්දියානු ජාතිකයින් ද අතුරුදන් වූ ගුවන් යානයේ සිටින බැවින් එය සෙවීමට සහාය දෙන බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා පවසයි.
මේ අතර අතුරුදන් වූ ගුවන් යානයේ සිටි චීන මගීන්ගේ ඥාතීන් මැලේසියානු හා චීන බලධාරීන්ට චෝදනා කරමින් පවසන්නේ තමන්ට තොරතුරු ලබාදීමේ දුර්වලතාවක් ඇති බව ය‍.
චීන  ජාතිකයෙක්
මට ජනාධිපතිට කතා කරන්න අවශ්‍යයි. මම දන්නෙ නෑ 200 කට වැඩිය පිරිසකගේ ජීවිතවලට වඩා තව මොනවද වටින්නේ කියලා. මට අවශ්‍යයි ජනාධිපති බිරිඳගෙන් අහන්න. ඔබේ ස්වාමි පුරුෂයා ජනාධිපති ඒ ගුවන් යානයේ සිටියනම්  ඔබට කොහොමද දැනෙන්නේ. ඔබේ දෙමාපියන්ට කොහොම එය දැනෙයිද? ඒ වගේම ඔබට දරුවෝ ඉන්නවා. ඒ ‍අයට කොහොම වෙයිද. අපි දෙමාපියන් විදියට සිත් තැවුලෙන් ඉන්නේ

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos