-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


මතභේදයට තුඩු දී ඇති අතුරුදහන් වී ඇති මැලේසියානු ගුවන්යානයේ සුන්බුන් කොටස් ලෙස සැක කෙරෙන කොටස් කිහිපයක චන්ද්‍රිකා ඡායාරූප 3 ක් චීන රාජ්‍ය වෙබ් අඩවියට නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියහ. කෙසේවෙතත් එම ඡායාරූප අතුරුදන් වූ යානයේදැයි යන්න පිළිබඳව මෙතෙක් තහවුරු කර නොමැති අතර චීනය විසින් චන්ද්‍රිකා 10ක් පසුගිය දිනවල කක්ෂගත කෙරිණ.

මෙම සුන්බුන් ලෙස සැකකෙරෙන කොටස් වියට්නාමයේ දකුණු දිග කොටස මැලේසියාවේ නැගෙනහිර ප්‍රදේශයෙන් වෙන්වන මුහුදු සීමාව ආශ්‍රීත ප්‍රදේශයේ මුහුදේ පාවෙමින් තිබියදී ඡායාරූප ගත කෙරී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි. කෙසේවෙතත් අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවත් හෝඩුවාවක් මීට හෝරා කිහිපයකට පෙර ඉදිරිපත් වී තිබූ අතර එම හෝඩුවාව ඉදිරිපත් කර ඇති අමෙරිකානු ගවේෂකයින් පවසා ඇත්තේ, එම ගුවන් යානය ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටීමෙන් පසුව පැය 4ක පමණ කාලයක් උඩු ගුවනේ පියාසර කර ඇති බවයි.

එලෙස ගුවන් ගතවී ඇත්නම් ගුවන් යානය පකිස්ථානදේශ සීමාවට හෝ ඉන්දියානු සාගරයේ ආසන්නයට හෝ පැමිණ ඇති බවට සැක කරන බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි.

උඩුගුවනේ පියාසර කල පැය 4 තුල නාවික සැතපුම් දෙදහස් දෙසියක පමණ දුරක් ගමන් කිරීමේ ඉඩකඩ යානය සතුව පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනූව ඔවුන් මෙලෙස සැක පහල කර ඇති බව වාර්තා වේ. තවද ඒ අනූව පකිස්ථානයේ හෝ ඒ ආසන්නයේ ඇති රාජ්‍යක සඟවා ඇති බවට සැක කරන බව ඇමරිකානු බුද්ධි අංශ වැඩිදුරටත් පවසයි.

ගුවන් යානයේ එන්ජිම පිළිබඳව ස්වයංක්‍රීයව දත්ත ලබාගැනීමට හැකි වන මෘදුකාංගයක දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව මෙම අනාවරණය සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos