අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය පිළිබඳව තවත් හෝඩුවාවක් ඉදිරිපත් වී තිබේ.
එම හෝඩුවාව ඉදිරිපත් කර ඇති අමෙරිකානු ගවේෂකයින් පවසා ඇත්තේ, එම ගුවන් යානය ගුවන් පාලක මැදිරිය සමග පැවති සබඳතා බිඳ වැටීමෙන් පසුව පැය 4ක පමණ කාලයක් පියාසර කර ඇති බව ය.
ගුවන් යානයේ එන්ජිම පිළිබඳව ස්වයංක්‍රීයව download වන මෘදුකාංගයක දත්ත පරීක්ෂා කිරීමෙන් පසුව මෙම අනාවරණය සිදු කර තිබේ.