-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ෆේස්බුක් ගිණුමක තිබූ ජායාරූපයක් සම්බන්ධයෙන් කළ අවවාදයකින් පසු සිය දිවි හානි කරගත් බව කියන සිසුවියගේ නැගණිය පාසල් යාම ප්‍රතික්ෂේප කරන බව දෙමව්පියන් පවසයි.
ඇය ද මියගිය සිසුවිය ඉගැනුම ලැබූ පාසැලේම සිසුවියකි.
මේ අතර පාසලේ විදුහල්පතිවරයා ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව ඇප මත මුදා හැරියේය.
සිය දිවි නසාගත් සිසුවියගේ බාල  සොහොයුරිය ඇය අධ්‍යාපනය ලැබූ කුරුණෑගල  ජෝන් කොතලාවල  මහා විද්‍යාලයේ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටින්නීය.
ඇයගේ දෙමව්පියන් පැවසුවේ” වැඩිමහල් දියණිය මියගොස් දින 15 ක් ගතව ඇති අතර  බාල දියණිය පාසල් යාම ප්‍රතික්ෂේප කරන බව ය.
සිය දිවි හානි කරගත් සිසුවියගේ නැගණිය:
මට ඉස්කෝලේ යන්න බයයි. මිස්ලා සර්ලා ප්‍රින්සිපල් සර් මොනවා කියයි ද කියලා, කොහොම පිලිගනීද කියලා මට බයයි සිසුවියක සිය දිවි නසා ගැනීමේ සිද්ධියට අදාළව ජාතික ළමාරක්ෂක අධිකාරය එම විදුහලේ විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර පසුව ඇප නියම කෙරිණ.
අගතියට පත් සිසුවිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ධම්මික ගමආරච්චි මහතා
ළමා රක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරීයා ඉදිරිපත් කරපු බී වාර්තාවේ සැකකාර විදුහල්පතිවරයාට ඇප නොදිය යුත්තේ ඇයි කියන හේතු, උදේ වරුවේ ඉඳලාම.එතකොට පළාතේ මේ සම්බන්ධයෙන් උණුසුම් කැළඹී‍මක් උණුසුම් තත්ත්වයක් ජනතාව අතරේ තිබුණා.එතකොට එවැනි හේතු සඳහන් කරලා තිබුණේ නෑ.ඒ වගේම මොහු ඇප පිට සිටියදී මෙවැනිම වරදක් කරන්න ඉඩ තියෙනවා කියන එක සඳහන් උනේ නෑ.පරීක්ෂණවලට බාදාවක් වෙයි කියන කාරණයක් සඳහන් උනේ නෑ.දවල් 2.30 ඊයේ ඇපි නියම කරයින් පස්සේ ඔහු 3.30 ට පාසලට ගියේ වෙලගෙදර ක්‍රීඩාංගණය අසළ සිට දැවැන්ත පෙරහැරකින්.මෙහෙම ගිහිල්ලා රැස්වීමක් පවත්වලා තමයි දරුවන්ව එලියට දැම්මේ,1.30ට ඉස්කෝලේ ඇරිච්ච දරුවෝ ප්‍රින්සිපල් එනකන්ම රඳවාගෙන හිටියා.ඒකත් දරුවන්ට කරපු පීඩාවක්.ඉතින් මෙතන ‍මොනවා නමුත් සැක කටයුතු යමක් සිද්ධ වෙනවා කියලා අපිට හිතෙනවා.මොකද විදුහල්පතිවරා දැනගෙන ඉඳලා තියෙනවා ඔහුට ඇප ලැබෙන බව.
මේ අතර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසුවේ මෙම සිදුවීම් පිළිබඳව පූර්ණ පරීක්ෂණයක් පැවැත්වෙන අතර වාර්තාව ලැබීමෙන් පසුව ඉදිරි පියවර තීරණය කරන බව ය.
කුරුණෑගල සිසුවිය මිය‍ගොස් දින කිහිපයක් ඇතුළත තවත් එවැනිම සිද්ධියක් ඊයේ ගාල්ල ඇල්පිටියෙන්ද වාර්තා විය.
එහිදී ගෙල වැලලාගෙන මිය ගොස් තිබුණේ ඇල්පිටිය මන්නාගොඩ ප්‍රදේශයේ 19 හැවිරිදි සිසුවියක්.
පොලිසිය පැවසුවේ ඇය මියයෑමට හේතුව සිය ෆේස්බුක් සමාජ වෙබ් අ‍ඩවියේ තම ජායාරූපයට වෙනත් සුරූපී තරුණියකගේ ඡායාරූපයක් ආදේශ කිරීමේ සිද්ධියක් බව ය.
සමාජ වෙබ් අඩවි මිනිස් ජීවිතවලට කරන අනිසි බලපෑම් පිළිබඳව මෑතදී සිදුවීම් රැසක් වාර්තා විය.
ඉන්දියාවේ නියෝජ්‍ය අමාත්‍යවරයෙකුවන ශෂී තරූර් මහතාගේ බිරිඳ සුපිරි හෝටලයක් තුළ මියගොස් සිටියදී සොයා ගැනුණු අතර සමාජ වෙබ් අඩවියක් ඔස්සේ සිය සැමියා කළ සංවාදයක් හේතුවෙන් ඇය සිත් රිදීමකින් පසුවූ බව වාර්තා විය.
කෙ‍සේවෙතත් අන්තර්ජාල ක්‍රියාකාරකම් මේ වනවිට ලොව ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී.
ගූගල් සමාගමේ විධායක සභාපති එරික් ෂිමිට් සහ ගූගල් අයිඩියා හී අධ්‍යක්ෂ ජැරඩ් කොහෙන් යන මහත්වරුන් ‘New Digital Age’ කෘතියෙන් පෙන්වා දෙන්නේ 21 වන සියවසේ පළමු දශකය තුළ ලොව පුරා අන්තර්ජාලය භාවිත කළ පුද්ගලයින් සංඛ්‍යාව මිලියන 350 සිට බිලියන 02 ඉක්මවා ඇති බව ය.
ලෝක ජන ගහනයෙන් බහුතරයක් 2025 වසර වන විට සිය අත්ලේ රඳවන කුඩා තාක්ෂණික උපකරණයක් හරහා සමස්ථ ලෝකයේම තොරතුරු අසීමාන්තිකව දැනගැනීමේ හැකියාව ලබා ගන්නා බව ඔවුන් පෙන්වා දෙන්නේය.
2025 වන විට පරිගණකය 2013 පැවතියාට වඩා 64 ගුණයකින් වේගවත් වනු ඇති බව ද එම කෘතියේ පල කර ඇති තවත් අනාවැකියකි.
ඉන්ටර්නෙට් විශේෂඥ විකී වික්‍රමරත්න මහතා
ගර්ල් කෙනෙක්ගේ ෆේක් එකවුන්ට් එකක් අඳුනගන්න ලේසිම විදිය තමයි එයාගේ පින්තූරේ. උපරිම කොලිටි එකක් තියෙනවා නම් ඒක අනිවර්යෙන්ම ෆේක් ෆෝටෝ එකක්.ෆේක් එකවුන්ට් එකක්. පිරිමි ළමයින්ගේ පාසලේ නම ගමේ  නම හෝ වැරැද්දලා දාලා තියෙනවා හුඟක්. ඒකෙන් අපිට චෙක් කරන්න පුළුවන් ඇත්තම බෝයි කෙනෙක්‍ද නැත්නම් එයා වෙන නමකින් ඉන්න කෙනෙක් ද කියන එක ඒකෙන් අපිට හොයා ගන්න පුළුවන්. රජයෙන් හරි ආයතනයකින් හරි කන්ට්‍රාල් කරන්න බෑ. ස්වයං විනයක් පාවිච්චි කරලා අපි මේ සමාජ ජාල වෙබ් අඩවිවලට පිවිසෙනවා නම් මම හිතන්නේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ෆේස්බුක් කම්පැනි එකටම ඩිරෙක්ට් යන්න පුළුවන් විදියක් තියෙනවා. ඒක හරියට කරොත් ඒගොල්ලෝ ඒ ප්‍රොෆයිල් අයින් කරනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week