වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයා මත්ද්‍රව්‍ය චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
පසුව කල සෝදිසි කිරීම්වලදී ස්ථානාධිපතිවරයාගේ නිල නිවසේ තිබූ හෙරොයින් මත්කුඩුද සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් තවදුරටත් ප්‍රශ්ණ කෙරෙමින් තිබේ.