-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


තම බිරිය සමඟ තනිපංගලමේ තම නිවෙස තුළම එකට අඹු - සැමියන් ලෙස හැසිරී පසුව නිවෙස ආලින්දයේ සතුටු සාමීචියේ යෙදී සිටියදී හදිසියේම ස්වාමිපුරුෂයා පැමිණීමෙන් පිටුපස ‍ෙදාරෙන් පලාගිය අනියම් සැමියකුට පන්න පන්නා පිහියකින් පහරදී පසුව පොල්ලකින්ද පහරදී බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අධිකරණය හමුවට පමුණුවා සිටි පුද්ගලයකු රුපියල් 20,000ක ශරීර ඇප මත මුදාහැරීමට ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් එස්. සතීස්වරන් මහතා නියෝග කෙළේය.

මෙලෙස ඇප මත නිදහස් කරන ලද්දේ මොරවැව පංකුලම ප්‍රදේශයේ එම්. ඒ. සමන්ත බණ්ඩාර (44) නමැත්තෙකි. බරපතළ තුවාල ලබා දැනට ත්‍රිකුණාමලය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින්නේ ත්‍රිකුණාමලය දේවනගර්හි රාජා සුසන්ත (37) නමැති එක්දරු පියෙකි.
අධිකරණයේදී දිගහැරුණු අන්දමට සිද්ධිය මෙසේය.

සමන්ත බණ්ඩාර යන අයගේ බිරිය සමඟ රාජා නමැත්තා කාලයක සිටම අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට මාස 7කට පමණ උඩදී දෙදෙනා මහනුවර හා නිලාවෙලි යන ප්‍රදේශවලට ගොස් අවන්හල්වලදී අඹු - සැමියන් ලෙස හැසිරී ඇත. ඒ අනුව ඉකුත් 15 වැනිදා තම ස්වාමියා ගෙදර නැති බව දන්වා රාජාට නිවෙසට එන්නට බිරිය දුරකතන ඇමැතුමක් දී ඇත.
මේ අනුව කුමාර ලීලාවෙන් සැරැසුණු රාජා එදින දහවල් 11ට පමණ නිවෙසට පැමිණ ඇත. දරුවන්ද නොමැති ඇය රාජා සමඟ දහවල් හොඳහැටි උයා - පිහාගෙන සප්පායම්වී දහවලේම අඹු- සැමියන් ලෙස හැසිරී පසුව නිවෙසේ ආලින්දයට වී සතුටු සාමීචියේ යෙදී ඇත්තේ සමන්ත එදින ගෙදර නොඑන බව දන්වා දුර ගමනක් ගිය නිසාවෙනි.

කෙසේ හෝ රාත්‍රි 9ට පමණ සමන්ත නිවෙසට පැමිණි අතර කිසිවක් කරකියා ගත නොහැකිවූ බිරිය රාජාට පිටුපස ‍ෙදාරෙන් යෑමට ඉඩ සැලැස්සුවාය. එහෙත් සමන්තට කොළේ වහන්නට ඇයට බැරි විය. පස්සා ‍ෙදාරෙන් පැන ගිය රාජාට තම අතේ තිබුණු වක් පිහියෙන් සමන්ත දමා ගැසූ අතර එම පහර තට්ටමට වැදී තුවාල වී ඇත. එයද කාගෙන යළි දුව ගිය රාජාට තවත් පිහිපාරක් එල්ල කළ අතර එය කොන්දේ වම් පැත්තට වැදී රාජා බිම වැටිණි. ළඟ තිබූ පොල්ලක් අතට ගත් සමන්ත රාජාට බිව් කිරි මතක් වෙන්නට පහරදීගෙන ගියේ කෝපය සංසිඳුවා ගත නොහැකිවය.

කෙසේ නමුත් අහල පහළ අය පැමිණ කැපුම් - කෙටුම් පමණක් නොව පොලු පහරවලින්ද බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරු ගෝමරන්කඩවල රෝහලට ඇතුළත් කළ අතර තත්ත්වය වඩාත් බරපතළව තිබූ බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා ත්‍රිකුණාමලය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මොරවැව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්මික විජේසිංහ මහතාගේ උපදෙස් පිට අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සරත් කුමාර මහතා ප්‍රධාන කණ්ඩායම වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week