-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තම නැගණියගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගියේ යැයි කියන 16 හැවිරිදි පාසල් ශිෂ්‍යයකු කිරිඳිවැල නගරයේ දී අමානුෂික ලෙස කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරු වූ කිරිඳිවැල කුමාරි මල් ශාලාවේ අධිපති වඩුවත්තගේ හැරැල්ඩ් පතිරණ නමැති අයට ගම්පහ මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මතුරට මහත්මිය ඊයේ (18) මරණ දඬුවම් නියම කළාය.

2000 අප්‍රේල් 04 වැනිදා එවකට 16 හැවිරිදි පාසල් සිදුවකු වූ තිලක් රෝහණ නැමහැති අය කිරිඳිවැල බණ්ඩාරනායක මාවතේදී කපා කොටා මරා දැමීම සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා එල්ල කර තිබුණි.

ඉන් දෙවැනි විත්තිකරු නඩුව විභාග වෙමින් පැවතීමේදී මියගිය අතර තෙවැනි විත්තිකරු නිදහස් කිරීමටද විනිසුරුවරිය නියෝග කළාය.
තම නංගිගේ දියණිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වීම සම්බන්ධයෙන් උරණවීම නිසා මේ 16 හැවිරිදි පාසල් සිසුවා කිරිඳිවැල නගරයේදී කපා කොටා මරා දමා ඇතැයි නඩු විභාගයේදී අනාවරණය විය.‍

විත්තිකරුට මරණ දඬුවම් නියම කළ විනිසුරුවරිය ජනාධිපතිවරයා විසින් නියම කරන දිනෙක ප්‍රාණය නිරුද්ධවනතෙක් එල්ලා මරා දැමීමට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලෙස වැඩිදුරටත් නියෝග කළාය.

සැකකරුවන් වෙනුවෙන් නීති රනිල් කාරියප්පෙරුම, පී. ඒ. වීරත්න නීතිඥවරුද, අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ දමිතා වික්‍රමාරච්චි, සංජීවනි අමරසිංහ, රුක්ෂානි සිල්වා, ඩිලානි බණ්ඩාරනායක, රසිකා අබේවික්‍රම නීතිඥවරියන් සමඟ නීතිඥ සුමිත් සේනානායක මහතා පෙනී සිටියේය.
රජයේ නීතිඥ නයෝමි වික්‍රමසේකර මෙනෙවිය පැමිණිල්ල මෙහෙයවූවාය. කිරිඳිවැල පොලිසියේ සැරයන් 36614 වසන්ත අධිකරණයට සහය විය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week