-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පොලිස්‌ වාර්තාවලට අනුව නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ ඉතිහාසය තුළ අනාචාරයේ හැසිරුණු කාන්තාවකට වැඩිම දඩ මුදල පනවමින් නුවරඑළිය නගරයේ ප්‍රධාන බාලිකා පාසල් දෙකක්‌ අතර පවත්වාගෙන ගිය සුපිරි ගණිකා නිවාසයක කාන්තාවන් තිදෙනා හා එහි කළමනාකරුහට නුවරඑළිය මහෙස්‌ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා රුපියල් දෙලක්‌ෂ විසිපන්දහසක දඩයක්‌ නියම කළේය.

ගණිකා වෘත්තියේ යෙදුණැයි චෝදනා ලැබූ එක්‌ කාන්තාවකට මෙහිදි රුපියල් පනස්‌ දහසක දඩයක්‌ නියම වූ අතර කළමනාකරුහට රුපියල් හැත්තෑපන්දහසක දඩයක්‌ නියම විය.

මෙසේ දඩ නියමවූ කළමනාකාරවරයා කලක්‌ ජපානයේ සිට පසුව කුරුණෑගල නගරයේ යතුරුපැදි අලෙවිහලක්‌ පවත්වාගෙන යමින් නුවරඑළියේ මෙම ගණිකා නිවාසයක්‌ද පවත්වාගෙන ගොස්‌ ඇති බව පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.

ඒ අනුව දඩ නියම වූයේ කුරුණෑගල පදිංචි තුෂාර ප්‍රසාද් ගමගේ, රසිකා රංජනී, පෙරියකම් විරාජනි, සමිතා, මල්කාන්ති යන සිවුදෙනාහටය. අත්අඩංගුවට ගන්නා අවස්‌ථාවේ එක්‌ කාන්තාවක්‌ අත රුපියල් හතළිස්‌හත් දහසක (47,0000) මුදලක්‌ද තිබී සොයා ගෙන ඇත. වයස අවුරුදු 20, 21, 39 අතරේ පසුවූ මෙම කාන්තාවන් කඩවත, ලබුකැලේ, කඳපොල හා යක්‌කල පදිංචිකරුවන්ය.

ප්‍රධාන බාලිකා පාසල් දෙක අසල ඇති මෙම ගොඩනැඟිල්ල රුපියල් ලක්‍ෂයක මාසික කුලියට රැගෙන ඇති අතර ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්‌ථානයක්‌ ලෙස පෙන්වමින් මෙම ගණිකා නිවාසය පවත්වාගෙන ගොස්‌ ඇත.

විනාඩි 45 ක්‌ සඳහා රුපියල් දෙදහසේ සිට ඉහළට අයකර ඇති මෙම ස්‌ථානයේදී කාන්තාවන් සඳහා වෙනම දීමනාවක්‌ද ගෙවිය යුතුව තිබී ඇත.

නුවරඑළියේ පොලිසියේ අපරාධ අංශ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක අනුරාධ මහින්දසිරි මහතාට ලැබුණු පෞද්ගලික තොරතුරු මත උපාය දූතයකු යොදවා මෙම වැටලීම සිදු කොට තිබිණි.

මධ්‍යම පළාත් නි. පොලිස්‌පති එස්‌. එස්‌. බී. අඹන්වල, නුවරඑළිය කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි අනුර අබේවික්‍රම, සා. පො. අ. ජී. විමලදාස, මූ. පො. ප. කමල් රණවීර යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත අපරාධ අංශ ස්‌ථානාධිපති පො. ප. රුවන් පතිරණ, උ.පො.ප. නිරංජන් දසනායක, පො. කො. (2717) රුක්‌ෂාන්. පො. කො. 285 කසුන්, පො. කා. පො. කො. 5241 ධමිත යන නිලධාරීහු පරීක්‍ෂණ මෙහෙයවූහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos