-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කළුතර නාගොඩ රෝහලේ සේවය කරන වෛද්‍යවරයකුගෙන් පහර කෑමට ලක්‌වූ කළුතර දකුණ පොලිසියේ උප පොලිස්‌ පරීක්‍ෂක (එස්‌. අයි) වරයකු ප්‍රතිකාර සඳහා පෙරේදා (19) රාත්‍රී කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර ඇත.

වෛද්‍යවරයාගේ පහර කෑමට ලක්‌වී රෝහල් ගතවී ඇත්තේ උප පොලිස්‌ පරීක්‍ෂක ඉලුක්‌කුඹුර මහතාය.

ඉකුත් 19 වැනිදා මාර්ග සංචාරයේ යෙදුණු උප පොලිස්‌ පරීක්‍ෂකවරයා ඇතුළු පොලිස්‌ නිලධාරීන් සිවුදෙනකු යතුරු පැදියේ ගමන් කළ සැකකාර වෛද්‍යවරයා නවතා ඇතැයිද අධික ලෙස මත්පැන් පානය කර සිටි ඔහු යතුරුපැදිය පැදවීමට රියෑදුරු බලපත්‍රයක්‌ පවා ලබාගෙන නොතිබූ බවද පරීක්‍ෂණවලදී අනාවරණය වීයෑයි පොලිසිය කියයි.

අධික ලෙස මත්පැන් පානය කර සිටි වෛද්‍යවරයා උප පොලිස්‌ පරීක්‍ෂකවරයාට පහරදී ඇතැයිද පොලිසිය පවසයි.

සැකකාර වෛද්‍යවරයා වන ගාල්ලේ පදිංචි ආබෲ පතිරගේ සුරා- රුක්‌මාල් නමැති අය පෙරේදා (19 දා) රාත්‍රී නඩු මෙහෙයුම් අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක චන්දන තෙන්නකෝන් මහතා විසින් හොරණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි කේ. කේ. අයි. ධම්මික මහතා වෙත ඉදිරිපත් කළ අතර ඔහු තුළින් මත්පැන් වහනය වන බව වාර්තා කර ඇතැයිද පොලිසිය පවසයි.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා මහතාගේ උපදෙස්‌ පිට කළුතර සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ මහතා මූලික පරීක්‍ෂණයක්‌ පෙරේදා (19 දා) රාත්‍රී පැවැත්වූ බවද පොලිසිය පවසයි.

මෙම සැකකාර වෛද්‍යවරයා ඊයේ (20 දා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිsබිණි.

සැකකාර වෛද්‍යවරයා වන සුරා- රුක්‌මාල් මහතා පැවසුවේ ''මං මත්පැන් පානය කර සිටි බව සත්‍යයක්‌. ඒත් මා පොලිස්‌ නිලධාරියාට ගැහුවේ නැහැ. පොලිස්‌ නිලධාරියා මට ගැසුවා යනුqවෙනි.
 

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos