-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මෙරට පරිගණක ගත  තොරතුරුවල ආරක්ෂාව හා අංකිත අත්සන් රාමුව ත‍ව දුරටත් ශක්තිමත් කිරීම සදහා ජාතික සහතික කරණ අධිකාරියක් පිහිටුවේ.
විශේෂ ගැසට් නිවේදනයක් මගින් ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය මෙම අධිකාරිය වශයෙන්  කටයුතු කරන බවත් මෙම අධිකාරිය පිහිටුවීම කලක සිට පැවති අවශ්‍යතාවයක් ඉටු වීමක්  බවත්  නියෝජිතායතනයේ සභාපති  ජ්‍යේෂ්ඨ ජනාධිපති උපදේශක හා පේරාදෙනිය විශ්වවිද්‍යාල කුලපති මහාචාර්‍ය පී. ඩබ්ලිව් ඈපාසිංහ මහතා පවසයි.
ඉලෙක්ට්‍රෝනික ගනුදෙනු පනතේ 18වෙනි වගන්තිය යටතේ පැනවී ඇති නියෝගයන්ට අනුව  මෙම ජාතික සහතික කරණ අධිකාරිය පිහිටුවනු ලැබු බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ  වැඩසටහන් අධ්‍යක්ෂ /නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මෙම සහතික කරන අධිකාරිය මෙහෙය වීම හා පරිපාලනය  කිරීම සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය විසින් බලකායක් ද මේ වන විට පත් කර තිබේ.
ශ්‍රී ලංකා මහා බැංකුව සහ ශ්‍රි ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය එම බලකායේ සම සභාපතිත්වය දරන අතර එම   සහකාර අධිපතිනී ජානකී මාම්පිටිය  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයයේ  වැඩසටහන් අධ්‍යක්‍ෂ නීති උපදේශක ජයන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීහු එම බලකාය නියෝජනය කරයි.
ආරක්ෂක අතිරේක ලේකම් රෝහන සෙනවිරත්න,  ශ්‍රී ලංකා විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්  අනුෂා පැල්පිට සහ ලංකා ක්ලිය(ර්) ලිමිටඩ් (ජාතික නිදහස් කිරීමේ නිවස්නය) හි ප්‍රධාන විධායක නිලධාරි සුනිමල් වීරසූරිය මෙම බලකායේ සෙසු සාමාජි‍කයෝ වෙති.
ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ පුර්ණ සහායද මේ සදහා ලැබී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week