ටාටා සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂක කාල් ස්‌ලයිම් බැංකොක් නුවර ශැංගේරිලා හෝටලයෙන් බිමට පැන සියදිවි නසාගෙන ඇති බව පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.
ඔහුගේ කාමරයේ තිබී හමු වූ පිටුතුනක ලියවිල්ලකින් දක්‌වා ඇත්තේ පවුලේ ප්‍රශ්න නිසා තමා සියදිවි නසාගන්නා බවයි.
ස්‌ලයිම්ගේ මරණය නිසා ටාටා කොටස්‌වල අගය සියයට පහකින් අඩු වී ඇත.
පශ්චාත් මරණ පරීක්‍ෂයේදී හෙළි වී ඇත්තේ ඔහුගේ මොළය හා ඇටසැකිල්ලට තදබල ලෙස හානි වී ඇති බවයි.
ස්‌ලයිම් සිය බිරිය සමග පැය පහක් තිස්‌සේ දැඩි වචන හුවමාරුවක් ඇති කරගත් බව පොලිස් පරීක්‍ෂවලදී අනාවරණය වී ඇත.