-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

රුපියල් කෝටි 5කට අධික වටිනාකමකින් යුත් පරිභෝජනයට නුසුදුසු පරිප්පු කිලෝ හාරලක්‍ෂ අටදහසක්‌ ඊයේ (28 වැනිදා) වැල්ලම්පිටිය, වෙන්නවත්ත ප්‍රදේශයේ ගබඩාවක තිබී පාරිභෝගික අධිකාරිය මගින් සොයාගෙන ඇත. 

සතුන් විසින් කාදමන ලද පණුවන් ගැසූ පරිභෝජනයට නුසුදුසු මෙම පරිප්පු තොගය ඔස්‌ටේ්‍රලියාවෙන් ආනයනය කර තිබේ.

මෙම පරිප්පු යන්ත්‍රානුසාරයෙන් තෙල් වර්ගයක්‌ යොදා පිරිසිදු කොට, දෙවරක්‌ වර්ණක යොදා නව පැහැයක්‌ ලබාදී නැවත වෙළෙඳ පොළට යෑවීමට සූදානම් කරන බවට මූලික පරීක්‍ෂණවලදී හෙළිවී ඇත.

මෙසේ පිරිසිදු කරන ලද පරිප්පුවලින් කොටසක්‌ මේ වන විට වෙළෙඳ පොළට යවා තිබෙන අතර, ඉතිරි පරිප්පු තොගය ද පිටකොටුව තොග වෙළෙඳ සල්වලට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව පාරිභෝගික අධිකාරිය සඳහන් කරයි.

පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ විශාල තොගයක්‌ එකවර සොයාගත් පළමු අවස්‌ථාව මෙය වන බව ද පරිභෝගික අධිකාරිය පවසයි.

සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ ඇමැති ජොන්ස්‌ටන් ප්‍රනාන්දු මහතාගේ උපදෙස්‌ මත කොළඹ දිස්‌ත්‍රික්‌ පාරිභෝගික අධිකාරියේ ස්‌ථානාධිපති ප්‍රදීප් කලුතරආරච්චි, විමර්ශන නිලධාරීන් වන ගාමිණී, සහන්, අනුරාධ, අසංක, අමරසිරි, පුංචිහේවා යන නිලධාරීහු මෙම වැටලීම සිදුකළහ.

පරිභෝජනයට නුසුදුසු භාණ්‌ඩ ගබඩා කර තැබීම සම්බන්ධයෙන් අදාළ ගබඩාවේ හිමිකරුට විරුද්ධව නීතිමය පියවර ගැනිමට නියමිතය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos