පසුගිය 25 වන දාට යෙදී දිබූ නත්තල් දිනයේදී ජේසු බිළිඳාගේ උපත සිහි ගන්වමින් රාවිට හා හුන්දරාපොළ ප‍්‍රදේශයේ පදිංචි ජනතාව විසින් රාවිට ප‍්‍රජා හාලාව අභියස ඉදිකළ නත්තල් ගව ලෙන 24 වන දින රාත‍්‍රී කිසියම් පිරිසක් විසින් ගිනි තබා විනාශ කර ඇතැයි වාර්තා වේ.
හුන්දිරාපොල හා රාවිට පදිංචි කතෝලික හා බෞද්ධ බැතිමතුන් ආගම් භේද පසෙකදා එකා මෙන් එක්සත්ව ඉදිකළ මේ ගව ලෙන ඉදිකර වැඩ නිමාව දැකීමට මොහොතකට පෙර ප‍්‍රදේශයේ කඩාකප්ප්කාරී පිරිසක් ඊට විරෝධය පළ කළ හෙයින් ඔවුන් ඒ සදහා වෙනත් ස්ථානයක් සොයා ගිය අවස්ථාවේදී හුන්දිරාපොල ග‍්‍රාම සේවා නිලධාරීගේ නිවස අභියස එය යළි ඉදි කරීමට කටයුතු යොදන ලදී.
නත්තල් ගව ලෙස එදිනම රාතී‍්‍ර ගිනිතබා විනාශ කර ඇති බව ප‍්‍රදේශවාසීහු කියති.