කුඩු කන්ටේනරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගතකර සිටින පාකිස්තානු ජාතිකයාගෙන් මෙරට නිලධාරීන් හා පාකිස්තානු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් පසුගියදා කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී මෙම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය යට සිටින පිරිස පිළිබඳ වැදගත් තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.
පාකිස්තානු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් හා ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් පසුගියදා මෙම පාකිස්තානු ජාතිකයාගෙන් බන්ධනාගාරය තුළදී පැය 2 1/2ක් පමණ කාලයක් ප්‍රශ්න කළ බව එම පරීක්‍ෂණ මෙහෙයවන උසස් නිලධාරියෙක් පැවැසීය.
එම නිලධාරියා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාකිස්තානයේ අත්අඩංගුවේ සිටින පාකිස්තානු ජාතික සැකකරුගෙන්ද එරට මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී ලබාගත් තොරතුරු මත මෙරට බන්ධනාගාරගතව සිටින පාකිස්තානු ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීම් කළ බවයි.
ඒ අනුව ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ගෙන ඒමේ ජාත්‍යන්තර ජාලයේ වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගත් බව එම නිලධාරියා කීය.
මෙම තොරතුරු දැනට පාකිස්තානයේ අත්අඩංගුවේ පසුවන සැකකාර පාකිස්තානු ජාතිකයා විසින්ද අනාවරණය කර ඇති බව පාකිස්තානු මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරින් පවසා ඇති බව එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.