-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය යළිත් වතාවක්‌ පසුගිය 14 වැනිදා සිට අක්‍රීය වී ඇති අතර ලංකා විදුලිබල මණ්‌ඩලයේ යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුවන්ගේ බලඅරගලය බලාගාරය අක්‍රීයවීමට බලපා ඇද්දැයි සැක පහළ වී ඇතැයි විදුලිබල මණ්‌ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක්‌ lanka gossip girl"ට පැවැසීය.

මේ වන විට මෙගාවොට්‌ 300 ක්‌ ජාතික විදුලිබල පද්ධතියට එක්‌ කරන නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය විසිහතර වතාවකට වඩා වැඩි වාර ගණනක්‌ අක්‍රීය වුවද ඊට හේතු නිශ්චිතව සොයා ගැනීමට විදුලිබල මණ්‌ඩලයට නොහැකි වී ඇතැයිද එම නිලධාරියා කියා සිටියේය.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය මෙරට ඉදිකළ පළමු ගල් අඟුරු බලාගාරය වන අතර මෙය අදියර තුනක්‌ යටතේ නිමකර මෙගාවොට්‌ 900 ක විදුලිබල ධාරිතාවක්‌ ජාතික විදුලිබල පද්ධතියට එක්‌ කිරීමට නියමිතව ඇත.

පසුගිය කාලයේ විදුලිබල මණ්‌ඩලයේ යාන්ත්‍රික ඉංජිනේරුවරයකු, නොරොච්චෝල ගල් අඟුරු බලාගාරය භාරව කටයුතු කළ අතර විදුලිබල මණ්‌ඩලයේ විදුලි ඉංජිනේරුවන් එක්‌ව එම නිලධාරීවරයා එම තනතුරින් ඉවත් කර විදුලි ඉංජිනේරුවරයකුට එහි පාලනය භාරදුන් බවද හෙතෙම කියා සිටියේය.

බලාගාරය භාරව සිටින යාන්ත්‍රික ඉංජිනේරුවරයාගේ අකාර්යක්‍ෂමතාව හා නොදැනුවත්කම නිසා බලාගාරය විසිවතාවකට වඩා අක්‍රීය වූ බව කියමින් යාන්ත්‍රික ඉංජිනේරුවා ඉවත් කළ පසුවද බලාගාරයේ බිඳ වැටීම් සිදුවන බවද එම නිලධාරියා කියා සිටියේය.

2006 මැයි 11 වැනිදා ඉදිකිරීම් ආරම්භ කළ නොරොච්චෝල බලාගාරයේ පළමු අදියර යටතේ මෙගාවොට්‌ 300 ක්‌ 2011 මාර්තු මස 22 වැනිදා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් ජාතික විදුලිබල පද්ධතියට එක්‌ කළේය.

ඇමරිකානු ඩොලර් මිලියන 455 ක ආයෝජනයක්‌ යටතේ පළමු අදියර නිම කළ අතර 2013 දෙසැම්බර් මසට පෙරාතුව දෙවන අදියර යටතේ තවත් මෙගාවොට්‌ 300 ක්‌ ජාතික විදුලි පද්ධතියට මෙමගින් නිපදවීමට සැලසුම් කර තිබිණි. අදියර තුනක්‌ යටතේ මෙම බලාගාරය ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 1.35 ක මුදලක්‌ ඇස්‌තමේන්තු කර ඇති අතර මේ වන විට බලාගාරය වරින් වර අක්‍රීය වීම නිසා ඉදිරි අදියර දෙක නිමවූ පසු ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳවද අවදානමක්‌ මතුව ඇතැයි බලාගාරයේ අක්‍රීයවීම් පිළිබඳ කළ විමසීමේදී ඉංජිනේරුවරු කියා සිටියහ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week