-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මත්පැන් පානය කර සිය මෝටර් රථය ධාවනය කරමින් ත්‍රිරෝද රථ තුනක හප්පා දෙදෙනකුට තුවාල සිදු කළ බව කියන මහරගම පිළිකා රෝහලේ විකිරණ අංශයේ සේවය කරන වෛද්‍යවරයකු පෙරේදා (28 වැනිදා) කළුතර දකුණු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම වෛද්‍යවරයා සිය මෝටර් රථය පලාතොට ප්‍රදේශයේ මාර්ගයක ඉස්‌සර කිරීමට යැමේදී ත්‍රිරෝද රථයක හප්පා ඇතැයි ද අනතුරුව එම ත්‍රිරෝද රථය තවත් ත්‍රිරෝද දෙකක ගැටී ඇතැයි ද පොලිසිය පවසයි.

අනතුර සිදුවන විට වෛද්‍යවරයා මත්පැන් පානය කර සිට ඇති බව පරීක්‍ෂණවලදී අනාවරණය වූ බව පොලිසිය පවසයි. සැකකාර වෛද්‍යවරයා ඊයේ (29 වැනිදා) කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අනතුරෙන් තුවාල ලැබූ එක්‌ අයකු නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර තවත් අයකු සුළු තුවාල ලබා බාහිර අංශයෙන් ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇතැයි පොලිසිය පවසයි.

කළුතර කොට්‌ඨාස භාර පොලිස්‌ අධිකාරි රොෂාන් සිල්වා, සහකාර පොලිස්‌ අධිකාරි සුගත් ගලගමගේ, මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සමන්ත වෙදගේ යන මහත්වරුන්ගේ උපදෙස්‌ මත කළුතර දකුණ රථවාහන අංශයේ ස්‌ථානාධිපති උප පොලිස්‌ පරීක්‍ෂක කැලුම් සිල්වා මහතා ඇතුළු නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර විමර්ශන සිදුකරති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week